Thursday, September 17, 2026
HomeNEWSළමයින්ගේ සමාජ මාධ්‍ය භාවිතයට යුරෝපීය සංගමයෙන් අලුත් යෝජනාවක්

ළමයින්ගේ සමාජ මාධ්‍ය භාවිතයට යුරෝපීය සංගමයෙන් අලුත් යෝජනාවක්

යුරෝපීය කොමිසමේ සභාපතිනී ඌර්සුලා ෆොන් ඩර් ලේයන් (Ursula von der Leyen) විසින් ළමයින්ගේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් වැදගත් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, අවුරුදු 13ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය, අන්තර්ජාල ක්‍රීඩා සහ AI චැට්බොට් (Chatbots) භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට යෝජනා කර ඇත.

ඇගේ යෝජනාවට අනුව, අවුරුදු 13ත් 15ත් අතර ළමයින්ට සමාජ මාධ්‍ය භාවිත කළ හැක්කේ දෙමාපියන්ගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන විශේෂ “Mini Accounts” හරහා පමණක් බව ඇය වැඩිදුරටත් පැවසීය.

ළමයින් අන්තර්ජාලයේ ඇති දැඩි ඇබ්බැහි කරවන විශේෂාංග, නරක අන්තර්ගතයන් සහ AI මගින් සාදන අසභ්‍ය ඡායාරූප වැනි අන්තරායන්ගෙන් ආරක්ෂා කරගැනීම මෙහි අරමුණයි.

යුරෝපීය සංගමයේ සාමාජික රටවල් 27 විසින් මෙම යෝජනාව සම්බන්ධයෙන් ඉදිරියේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට ප්‍රධාන අංශ 3ක් යටතේ පුළුල් වැඩපිළිවෙළක් – ජනපති

රටේ සියලු පුරවැසියන්ට නිරෝගී සම්පන්න ජීවිතයක් ලබාදීම වෙනුවෙන් ප්‍රධාන අංශ තුනක් යටතේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

අමෙරිකානු තානාපති සහ ආරක්ෂක නියෝජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

මෙරට අමෙරිකානු තානාපති එරික් මයර්  මහතා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා අතර ප්‍රථම නිල හමුව පවත්වා තිබේ. එහිදී, වර්ධනය වෙමින්...

අගමැති – FUTA සාකච්ඡා විසඳුමකින් තොරව අවසන්

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග පැවැති සාකච්ඡාවෙන්ද කිසිඳු විසඳුමකට එළඹීමට නොහැකි වූ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA)...

ස්ථාන මාරු පිළිනොගත් ජාතික පාසල් ගුරුවරුන්ට විනය ක්‍රියාමාර්ග

ස්ථාන මාරු නියෝග පිළිනොගෙන කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ජාතික පාසල්හි සේවය කරන ගුරුවරුන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img