ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අයිතිවාසිකම් රැක ගැනීම උදෙසා විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ සිවිල් බලවේගයන්ගේ ඒකාබද්ධ සම්මුතිය වෙනුවෙන් රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් අද පස්වරුවේ කොළඹදී රැස්වෙයි.
පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ නායකයින් සහ නියෝජිතයන් මෙම අවස්ථාවට එක්වන බවට දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙම සියලු පාර්ශ්ව මෙහිදී ඒකාබද්ධ සම්මුතියකට එළඹීමට නියමිතයි.ඒ පිළිබඳව මේ වනවිටත් සියලු පාර්ශ්ව පූර්ණ වශයෙන් එකඟත්වයද පළකර ඇත.






















