Sunday, September 20, 2026
HomeNEWSවිදේශ රටවල තානාපති ප්‍රධානීන් නැගෙනහිර පළාතේ සංචාරයක

විදේශ රටවල තානාපති ප්‍රධානීන් නැගෙනහිර පළාතේ සංචාරයක

කොළඹ සිටින විදේශීය තානාපති කාර්යාල ප්‍රධානීන් උදෙසා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලැබූ විශේෂ සංචාරක සංවර්ධන අධ්‍යයන සංචාරය අද ආරම්භ විය. අද පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටලයෙන් ගමන් ආරම්භ කළ මෙම පිරිස පාසිකුඩා අනන්තය රෙසෝට් ඇන්ඩ් ස්පා හෝටලයට ළඟා විය. පාසිකුඩා වෙරළ තීරයේ සැරිසරන මෙම පිරිස අද පස්වරුවේදී කුඩා හා මධ්‍ය පරිමාණ හස්ත කර්මාන්ත නිෂ්පාදකයින්ගේ ප්‍රදර්ශනයක් නැරඹීමට නියමිතයි.

නැගෙනහිර කලාපයේ පවතින සුවිශේෂී සංස්කෘතික, සාමාජික හා ආර්ථික වටිනාකම් මෙන්ම, එම පළාත සතු පොහොසත් උරුමය සහ සංචාරක ප්‍රවර්ධන හැකියාවන් ජාත්‍යන්තරයට විදහා දැක්වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි. මෙම තෙදින සංචාරය අතරතුරදී විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් නැගෙනහිර පළාතේ දේශපාලන නායකයින්, මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් හමුවී, ඉදිරි ආයෝජන සහ කලාපීය සංවර්ධන අවස්ථා පිළිබඳව විශේෂ සාකච්ඡාවල නිරත වීමට නියමිතව තිබේ. නැගෙනහිර පළාතේ පවතින ආයෝජන සහ සංචාරක විභවතාවයන් ලොවට අනාවරණය කිරීමටත්, ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දිගුකාලීන තිරසාර සංචාරක වර්ධනයක් රටට අත්කර දීමටත් මෙම පියවර මහත් පිටිවහලක් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.

දෙවන දිනය වන හෙට දිනයේදී (19) එරාවුර් අපනයන සැකසුම් කලාපයේ, සේරුවිල බෞද්ධ විහාරයේ සහ ත්‍රිකුණාමලයේ කෝණේෂ්වරම් හින්දු දේවස්ථානයේ සංචාරය කිරීමට නියමිතයි. සංචාරයේ තෙවන දිනයේදී (20) ඔවුන් නැවතත් කොළඹට පැමිණීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...

පැලවත්ත හැර සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා- හිටපු ජනපති රනිල්

පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් දැනට සාකච්ඡා පත්‍රිකාවක් සකස් කර අප...

මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි- ෆයිසර් මුස්තෆා

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තෆා සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි රිසානා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img