Monday, September 21, 2026
HomeNEWSඅන්දමන් මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වන්නැයි ධීවරයින්ට දැනුම්දීමක්

අන්දමන් මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වන්නැයි ධීවරයින්ට දැනුම්දීමක්

අන්දමන් දූපත් ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත සියලුම බහුදින ධීවර යාත්‍රාවලට එම ප්‍රදේශයෙන් වහාම ඉවත් වී ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත ගමන් කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

අන්දමන් දූපත් ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී එම මුහුදු ප්‍රදේශයේ තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ, අඩු පීඩන කලාපය ක්‍රමයෙන් බලවත් වී ඉන්දියාව දෙසට ගමන් කර ඉන්දීය ගොඩබිම වෙත ළඟාවීමේ ප්‍රවණතාවක් පවතින බවයි.

ඒ අනුව, අන්දමන් සහ උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිටින බහුදින ධීවර යාත්‍රා කඩිනමින් එම අඩු පීඩන කලාපයෙන් දුරස් වී දකුණු දිශාවට, එනම් ශ්‍රී ලංකාව දෙසට ගමන් කරන ලෙස දැනුම්දී තිබේ.

කෙසේ වෙතත්, තවදුරටත් එම ප්‍රදේශයේ බහුදින ධීවර යාත්‍රා කිහිපයක් ධීවර කටයුතුවල නිරත වන බව නිරීක්ෂණය වී ඇති බවත්, ඉදිරි දිනවල ඇතිවිය හැකි රළු මුහුදු තත්ත්වය සහ තද සුළං හේතුවෙන් එම යාත්‍රාවලට සහ කාර්ය මණ්ඩලවලට අනතුරු සිදුවිය හැකි බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

මේ අතර, අඩු පීඩන කලාපයේ බලපෑම දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවලටද දැනිය හැකි බැවින්, කුඩා පරිමාණ ධීවර කටයුතුවල නිරත ධීවරයින් දෛනික මුහුදු තත්ත්වය සහ සුළඟේ වේගය පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසද දැනුම්දී තිබේ.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය මත දිවයින පුරා ධීවර කටයුතු තහනම් කිරීමට මෙතෙක් තීරණය කර නොමැති අතර, තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් පවතින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිකුත් කරන නවතම කාලගුණ නිවේදන සහ ආරක්ෂිත උපදෙස් අනුව මුහුදු යාම හෝ නොයාම තීරණය කරන ලෙස සියලුම ධීවරයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම මුහුදු යන අවස්ථාවේදී, ධීවර කටයුතුවල නිරත වන විට සහ නැවත වෙරළට පැමිණෙන අවස්ථාවේදී ජීවිත ආරක්ෂක කබා අනිවාර්යයෙන්ම පැළඳ සිටින ලෙසද ධීවරයින්ට දැනුම්දී ඇත.

අදාළ ප්‍රදේශයේ සිටින බහුදින ධීවර යාත්‍රාවල හිමිකරුවන්ට ගොඩබිම සිට දැනුම්දීම් සිදුකර ඇති අතර, ගුවන්විදුලි සන්නිවේදන උපකරණ හරහා යාත්‍රාවල කාර්ය මණ්ඩල වෙතද එම ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා මහතා පත් කර තිබේ. අභියාචනාධිකරණයේ සභාපති ලෙස...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img