Monday, September 21, 2026
HomeNEWSප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති “දුජුආන්” (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ.

සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන් කිරීමත් සමඟ ජපානය වාර්තාගත වර්ෂාපතනයකට මුහුණ දීමට සූදානම් වෙමින් පවතිබව විදෙස් මාධ්‍ය පවසයි.

ප්‍රාන්ත පහක් පුරා විසිරී සිටින මිලියන 1.6 කට අධික ජනතාවක් සඳහා මේ වන විට ඉවත් වීමේ නිවේදන නිකුත් කර ඇත.

කනාගාවා ප්‍රාන්තයේ නායයෑමක් හේතුවෙන් නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාවක් පස්වලට යටවී ඇතැයි ගිනි නිවන භටයන් සැකපල කරන අතර, චිබා ප්‍රාන්තයේ නායයෑම් ස්ථානයක සිරවීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කර තිබේ.

මෙම කුණාටු තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් 300 ක් පමණ අවලංගු කර ඇති අතර, ඇතැම් දුම්රිය සේවා ද අත්හිටුවා ඇත.

‘දුජුආන්’ (Dujuan) නම් මෙම කුණාටුව පැයට කිලෝමීටර 130 ක ස්ථාවර සුළං වේගයකින් සහ පැයට කිලෝමීටර 194 දක්වා වූ දැඩි සුළං ප්‍රහාරයන්ගෙන් (gusts) සමන්විත වේ.

මෙයින් ටෝකායි කලාපයට මිලිමීටර් 350 දක්වා වර්ෂාපතනයක් ලැබිය හැකි බව අපේක්ෂා කෙරේ.

පැසිෆික් සාගරයේ ඇති වූ මෙම කුණාටු මාලාව, මේ වසරේ බලපවත්නා “සුපිරි එල් නිනෝ” (super El Niño) තත්ත්වය හේතුවෙන් සාගර ජලය උණුසුම් වීම සහ කුණාටු නිර්මාණය වීම තීව්‍ර වීම නිසා හටගත් ආන්තික කාලගුණික තත්ත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා මහතා පත් කර තිබේ. අභියාචනාධිකරණයේ සභාපති ලෙස...

නායයෑම් රතු නිවේදන ඉදිරි පැය 24ටත්

දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.   මෙම නිවේදනය අද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img