Monday, September 21, 2026
HomeNEWSසජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා.

ඒ කොළඹ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදීයී.

එසේ පැමිණ ඇත්තේ, සිවරාසා අනෝජන්ගේ පියා වන තම්බිරාජා සිවරාසා, මව වන රාසමානික්‍යම් යෝගලක්ෂ්මි සහ සහෝදරයා වූ සිවරාසා හම්සිදන් ඇතුළු පවුලේ ඥාතින්.

ඔවුන් සමඟ සිදු කළ සාකච්ඡාව අතරතුර සෞදියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන අමීර් අජ්වාඩ් දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත් විපක්ෂනායකවරයා, අනෝජන් ගේ නිදහස සම්බන්ධයෙන් රටක් ලෙස අපට ගතහැකි ඉදිරි පියවර පිළිබඳ සාකච්ජා කර තිබෙනවා.

ඊට අමතරව දැනට සෞදි බන්ධනාගාරයේ සිටින සිවරාසා අනෝජන් ද දුරකථනය ඔස්සේ කතා කර ගනිමින් ඔහුගේ තත්ත්වය සොයා බැලූ විපක්ෂනායකවරයා ඉන් අනතුරුව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා සම්බන්ධ කරගනිමින්, අදාළ නීතිමය තත්ත්වය සහ සිවරාසා අනෝජන් නිදහස් කරගැනීම සඳහා රජය දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද සොයා බලා තිබෙන බව වාර්තා වෙනවා.

එමෙන්ම, විදෙස්ගතව සිටිමින් තම රට වෙනුවෙන් ශ්‍රමය කැප කළ ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ නිදහස උදෙසා කළ හැකි උපරිම⁣ දේ සිදු කිරීමටත්, අදාළ පාර්ශවයන්හි අවධානය ඒ වෙනුවෙන් අඛණ්ඩව යොමු කරවමින්, ඔහු නිදහස් කර ගැනීම සඳහා අඛණ්ඩව සහය ලබාදෙන බවටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී සහතිකයක් ලබා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා මහතා පත් කර තිබේ. අභියාචනාධිකරණයේ සභාපති ලෙස...

නායයෑම් රතු නිවේදන ඉදිරි පැය 24ටත්

දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.   මෙම නිවේදනය අද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img