Monday, September 21, 2026
HomeNEWSමස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන තිබේ.

ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් පිහිටි මෙම තේ වත්තේ විශාල කොටසක් මෙලෙස නායගොස් ඇති අතර, ඒ සමගම වතුයායට පිවිසෙන ප්‍රධාන මාර්ගය ද සම්පූර්ණයෙන්ම පස් සහ ගල්වලට යටවී වැසී ගොස් ඇත.

ගමනාගමන මාර්ග අවහිරවීම හේතුවෙන් වතුයායට පිවිසීමට වෙනත් විකල්ප මාර්ගයක් නොමැති වීම නිසා එහි පදිංචිකරුවන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති.

අනතුරට ලක්වීමේ අවදානම සහිත නිවාසවල පදිංචි පවුල් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමුකරන ලෙස වතු පාලනාධිකාරියට උපදෙස් ලබාදුන් බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

තවද, මෙම නායයෑම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සහ නිරීක්ෂණ කටයුතු සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා මහතා පත් කර තිබේ. අභියාචනාධිකරණයේ සභාපති ලෙස...

නායයෑම් රතු නිවේදන ඉදිරි පැය 24ටත්

දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.   මෙම නිවේදනය අද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img