Sunday, September 27, 2026
HomeNEWS2025 සා.පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2025 සා.පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2025 වසරට අදාළව පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (26) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කර සිටියේ, එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බවය.

මෙම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ ‘1911’ යන ක්ෂණික ඇමතුම් අංකය ඇමතිය හැකිය.

එමෙන්ම 0112 784208, 0112-784537 හා 0112-785922 යන අංක ඇමතීමටද අවස්ථාව හිමිකර දී ඇත.

2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය, මෙම වසරේ ඉකුත් පෙබරවාරි 17 සිට 26 වැනිදා දක්වා පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

චීනය හා ඇමරිකාව අතර එකඟතාවන් 8ක්

චීනය හා ඇමරිකාව එකඟතාවන් 8ක් ඉකුත් 23වැනි දා සිට 25වැනි දා දක්වා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකානු රාජ්‍ය සංචාරයකට එක්වුණා. එම කාලයේ දෙපාර්ශ්වය ද්විපාර්ශ්වික...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් පසු නේවාසික රෝගීන් පිරිසක් පොළොන්නරුව මහ රෝහලට මාරු කෙරේ

පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ සොයාබැලීම සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත. එමෙන්ම මෙම සිද්ධිය...

හිටපු නි. අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි

දිවංගත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ වන ශෙරින් තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වූ ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන ඉරිදා (27) දින, මතුගම...

පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමක්

පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ සොයාබැලීම සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත. එමෙන්ම මෙම සිද්ධිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img