Tuesday, November 17, 2026
HomeNEWSමෙරට සුභාවිත ගීත ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් කළ ආනන්ද ගනේගොඩ අභාවප්‍රාප්ත වෙයි

මෙරට සුභාවිත ගීත ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් කළ ආනන්ද ගනේගොඩ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකික සංගීත කලා ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් වූ ‘සින්ග්ලංකා’ සමාගමේ නිර්මාතෘ ආනන්ද ගනේගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ආනන්ද ගනේගොඩ යනු මෙරට සුභාවිත ගීතය පුනර්ජීවනයට සහ සංවර්ධනයට විශාල මෙහෙවරක් කළ ප්‍රවීණ කලාකරුවෙකු වේ.

මෙරට සංගීත ශිල්පීන් සහ නිර්මාණකරුවන් සමඟ සමීපව කටයුතු කළ ඒ මහතා, ඔවුන්ගේ ගීත නිර්මාණකරණයේ ස්වාධීනත්වය, ගුණාත්මකභාවය සහ ආර්ථික සුබසාධනය සඳහා ‘සින්ග්ලංකා’ කැසට් නිෂ්පාදන ආයතනය ආරම්භ කිරීමට පියවර ගත්තේය.

1980 වසරේදී නන්දා මාලනී, ඩබ්ලිව් ඩී අමරදේව ඇතුලු ප්‍රධාන පෙළේ ගායන ශිල්පීන්ගේ ගීත ඇතුළත් කැසට් පට 25ක් එකවර ජනගත කරමින් ඔහු මෙරට කැසට් කලාවට මුල පිරුවේය.

ඒ හරහා ඔහු මෙරට ගීත කලාවට දායාද කර ඇති ගීත සංඛ්‍යාව, 2000 ඉක්මවයි.

කෙසේවෙතත් ගුවන්විදුලියට පසුව මෙරට රසික රසඥතාවට ගෞරව කරමින් උසස් නිර්මාණ ජනගත කළ ගීත නිෂ්පාදන ආයතනය ලෙස ‘සින්ග්ලංකා’ ආයතනය ක්ෂේත්‍රයේ ඇගයීමට ලක්විය.

එමෙන්ම ආනන්ද ගනේගොඩ මහතා මෙරට ප්‍රමුඛපෙළේ ව්‍යාපාර ජාලයක සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

ඔහුගේ දේහය දැනට අංක 179/2, ටෙම්ප්ලර්ස් පාර, ගල්කිස්ස යන ලිපිනයේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික නිවසේ තැන්පත් කර ඇත.

අවසන් කටයුතු සිදුවන දිනය සහ වේලාව ඉදිරියේදී දැනුම්දීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමේ සිදුවීම් 2 කදී 17 ක් මියයයි

දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමේ සිදුවීම් 2 කදී 17 ක් මියයයි. ක්වාසුලු - නටාල්හිදී බස් රථයකට සිදුවූ වෙඩි තැබීමකින් 8 ක් මරුට. ප්‍රිටෝරියාහි නිවසකින් වෙඩි...

අලුත්ම ජේම්ස් බොන්ඩ් රොබට් පැටින්සන්

"බැට් මෑන්" චරිතයටද රංගන දායකත්වය දුන් රොබට් පැටින්සන්, නව ජේම්ස් බොන්ඩ් චරිතය සඳහා නම් කර ඇති අතර, ඔහු චිත්‍රපට මාලාව තුළ එම චරිතය නිරූපණය...

ජනාධිපතිතුමාගේ අයවැය කතාව සුරංගනා ලෝකයක්- මරික්කාර්

සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ අද (16) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය. ‘‘ජනාධිපතිතුමා ලස්සන...

ආපදා කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

‍ආපදා කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (16) පෙරවරුවේ පැවැත්විණි. කාලගුණික විපර්යාසයන්හි නවතම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img