Sunday, September 27, 2026
HomeNEWSදකුණු අප්‍රිකාවේ රාත්‍රී සමාජශාලාවක වෙඩි තැබීමකින් 17ක් මරුට

දකුණු අප්‍රිකාවේ රාත්‍රී සමාජශාලාවක වෙඩි තැබීමකින් 17ක් මරුට

දකුණු අප්‍රිකාවේ Gauteng ප්‍රාන්තයේ රාත්‍රී සමාජශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට පොලිසිය පවසනවා.

ජොහැන්නස්බර්ග් නුවරට නිරිත දෙසින් පිහිටි වෙඩෙලා (Wedela) ප්‍රදේශයේ පිහිටි අදාළ ස්ථානයේදී මෙම ප්‍රහාරය සිදුව ඇති අතර, ඔවුන් 17 දෙනාම එම ස්ථානයේදීම මියගොස් සිටි බව‍යි වාර්තා වන්නේ.

AK-47 රයිෆල් සහ පිස්තෝල අතැතිව පැමිණි අටදෙනෙකුගෙන් යුත් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව සඳහන්.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දකුණු අප්‍රිකානු පොලිස් සේවය (SAPS) විසින් මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2026 නොවැම්බර් 01 වන දා සිට TIN සහතිකය අනිවාර්යකෙරේ

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ සහතිකය හෙවත් TIN සහතිකය ලබා ගැනීම මේ වන විට අනිවාර්ය කර තිබේ. ඒ අනුව, වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලංකාවේ වාසය...

ලෝක සංචාරක දිනය අදයි

ලෝක සංචාරක දිනය අදට (27) යෙදී තිබේ.මෙවර එහි තේමාව වන්නේ “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනයයි“.ලෝක සංචාරක සංවිධානය (UNWTO) 1979 සැප්තැම්බර් මාසයේදී මෙම දිනය නම්...

ශ්‍රී ලංකා – එංගලන්ත තුන්වන එක්දින තරගය අද

රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන එක්දින තරගය අද (27) ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ, මෙරට වේලාවෙන් පස්වරු 03.00ටයි. කණ්ඩායම් දෙකම තරග එක බැගින් ජයගෙන සිටින...

අයෝමාල් මීටර් 400 කඩුලු මතින් දිවීමේ අවසන් තරගයට

20 වන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 කඩුලු මතින් දිවිමේ ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට අයෝමාල් අකලංක සමත් වුණා. ඒ අද (27) පැවති මූලික තරගය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img