Tuesday, November 17, 2026
HomeNEWS2026 නොවැම්බර් 01 වන දා සිට TIN සහතිකය අනිවාර්යකෙරේ

2026 නොවැම්බර් 01 වන දා සිට TIN සහතිකය අනිවාර්යකෙරේ

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ සහතිකය හෙවත් TIN සහතිකය ලබා ගැනීම මේ වන විට අනිවාර්ය කර තිබේ.

ඒ අනුව, වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලංකාවේ වාසය කරන සියලු ම පුද්ගලයින් අනිවාර්යයෙන් TIN සහතිකය ලබා ගත යුතු ය.

2026 නොවැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් කාර්යයන් සිදු කිරීමේදී වලංගු TIN සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහජනතාව වෙත දැනුම් දෙයි.
යම් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම
ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගැනීම
මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම
මෝටර් වාහන බලපත්‍රය අලුත් කිරීම
ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම
ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම
ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම
ණය කාඩ්පතක් ලබා ගැනීම

ඒ අනුව, ඉහත නිශ්චිතව දක්වා ඇති යම් කාර්යයක නිරත වීමට අදහස් කරන සියලු ම තැනැත්තන් වෙත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පහත දැක්වෙන උපදෙස් නිකුත් කර තිබේ.
ඔබ දැනටමත් TIN අංකයක් ලබාගෙන නොමැති නම්, TIN අංකයක් ලබා ගන්න.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා එය ඉල්ලුම් කළ හැකිය: මෙතැනින් පිවිසෙන්න.
ඔබ සතුව වලංගු TIN සහතිකයක් තිබෙන බව තහවුරු කර ගන්න.
TIN අංකය තහවුරු කිරීම සඳහා: මෙතැනින් පිවිසෙන්න.
අවශ්‍ය විට අදාළ ආයතනය හෝ නිලධාරියා වෙත TIN සහතිකයේ පිටපතක් ලබා දෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමේ සිදුවීම් 2 කදී 17 ක් මියයයි

දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමේ සිදුවීම් 2 කදී 17 ක් මියයයි. ක්වාසුලු - නටාල්හිදී බස් රථයකට සිදුවූ වෙඩි තැබීමකින් 8 ක් මරුට. ප්‍රිටෝරියාහි නිවසකින් වෙඩි...

අලුත්ම ජේම්ස් බොන්ඩ් රොබට් පැටින්සන්

"බැට් මෑන්" චරිතයටද රංගන දායකත්වය දුන් රොබට් පැටින්සන්, නව ජේම්ස් බොන්ඩ් චරිතය සඳහා නම් කර ඇති අතර, ඔහු චිත්‍රපට මාලාව තුළ එම චරිතය නිරූපණය...

ජනාධිපතිතුමාගේ අයවැය කතාව සුරංගනා ලෝකයක්- මරික්කාර්

සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ අද (16) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය. ‘‘ජනාධිපතිතුමා ලස්සන...

ආපදා කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

‍ආපදා කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (16) පෙරවරුවේ පැවැත්විණි. කාලගුණික විපර්යාසයන්හි නවතම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img