මෙම වසරට චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 105 වන සංවත්සරය සහ චීන රතු හමුදාවේ දිගු පා ගමන හෙවත් Long March හි ඓතිහාසික ජයග්රහණයේ 90 වන සංවත්සරය සනිටුහන් කෙරෙන වසරයි.
ඒ වෙනුවෙන් චීන මහජන විරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවය චීන ජනාධිපති ෂී ජින්පිංගේ ප්රධානත්වයෙන් අද (30) බෙයිජිං අගනුවර පිහිටි Tian’anmen චතුරශ්රයේදී පැවැත්වුණා.
එහිදී ජනපති ෂී ජින්පිං ප්රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් සහ රජයේ සෙසු නායකයින් චීන මහජන විරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා තිබෙනවා.
මේ අතර, රට වෙනුවෙන් දිවි පිදූ විරුවන් අනුස්මරණය කිරීමේ දිනය ද සැප්තැම්බර් මස 30 වැනි දිනට යෙදී ඇති අතර, එය සිහිපත් කිරීම ද මෙහිදී සිදු කෙරුණ බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.






















