Monday, October 26, 2026
HomeNEWSආසියානු සංවර්ධන බැංකුවේ 2026–2029 ශ්‍රීලංකා සංවර්ධන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක්

ආසියානු සංවර්ධන බැංකුවේ 2026–2029 ශ්‍රීලංකා සංවර්ධන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක්

ආසියානු සංවර්ධන බැංකුවේ 2026–2029 ශ්‍රී ලංකා සංවර්ධන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ 2026–2029 කාලසීමාවට අදාළ, ශ්‍රී ලංකා සංවර්ධන සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින් (Shannon Cowlin) යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ආසියානු සංවර්ධන බැංකුවේ 2027 වර්ෂය සඳහා වන වාර්ෂික වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් 2026 ඔක්තෝබර් මස 05 සහ 06 යන දෙදින පැවැත්වීමට නියමිත සැලසුම් සමාලෝචන රැස්වීමට පෙර සූදානමක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී ආසියානු සංවර්ධන බැංකුවේ දීර්ඝකාලීන ව්‍යාපෘති සැලසුම් සඳහා ඇතුළත් කිරීමේදී ප්‍රමුඛත්වය ලබාදිය යුතු සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගැනීම පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.

ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් මත ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් සම්බන්ධයෙන් රජයේ හිමිකාරිත්වය තහවුරු කිරීම, රාජ්‍ය ක්‍රියාවලීන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ ක්‍රියාවලීන් අතර පැහැදිලි සහ කාර්යක්ෂම සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම මෙන්ම, සීමිත සහ සහනදායී මූල්‍ය සම්පත් හා තාක්ෂණික සහාය ඵලදායී ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන වේගය තවදුරටත් ඉහළ නංවමින් රාජ්‍ය මූල්‍ය ඉලක්ක කඩිනමින් ළඟා කර ගැනීමේදී මතුවන අභියෝගවලට සාර්ථකව මුහුණදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව්. ඩී. ආර්. ක්‍රිෂාන්ත සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ආචාර්ය ධනුෂ්ක පෙරේරා යන මහත්වරු සහ ආසියානු සංවර්ධන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-10-05

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img