බෞද්ධ ආගමට අත පෙවීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බවත් බෞද්ධ ආගමට අත නොතබන ලෙස දැඩිව ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් නව ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි.
නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස් මහතා මේ බව ප්රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂ විසින් සංවිධානය කරන ලද මාධ්ය හමුවකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෂිරාස් යුනුස් මහතා මෙසේද සඳහන් කළේය.
බෞද්ධයාට අත තියලා තියෙන්නේ. බෞද්ධ ආගමට අත තියලා තියෙන්නේ. ඒක කිසිසේත්ම අනුමත කරන්න බැහැ.
ආගමට ගෞරවයක් නොමැති නිරාගමික කට්ටියක් තමයි රටේ පාලනය අරගෙන තියෙන්නේ.
සිවුර අස්සේ හැංගිච්ච කට්ටියට සිවුරේ වටිනාකම දන්නේ නෑ.
බෞද්ධ ආගමට අත තිබ්බ කට්ටිය අනෙකුත් ආගම්වලට අත නොතියයි කියලා දෙන්න පුළුවන් සහතිකය කුමක්ද කියලා මං ප්රශ්න කරනවා.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීමට පෙර සිටම ආගමට පහර දීමට මේ අය කටයුතු කළා.
22වෙනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට මහා නායක හිමිවරුන් විරුද්ධත්වය ප්රකාශ කරලා එව්ව ලියුම මේ ආණ්ඩුව ගණනකටවත් ගත්තේ නෑ. ඒ ලියුම දන්නේ නැහැ කියලා ආණ්ඩුව මුලින්ම කිව්වා. එතනින් තමයි බෞද්ධාගමට පහර දීම ආරම්භ කළේ.
බෞද්ධ ආගමේ සෙවනැල්ලේ යට තමයි හින්දු,ඉස්ලාම්, කතෝලික ඇතුළු අනෙකුත් ආගම් ආරක්ෂා වෙලා තිබුනේ. වසර ගණනාවක් තිස්සේ එම සහජීවනය තිබුණා.
එතකොට මං අනෙකුත් ආගම් භක්තිකයින්ගෙන් අහන්න කැමතියි බෞද්ධාගමට මේ ආණ්ඩුව සිදු කරන පහර දීම අනුමත කරන්න පුළුවන්ද කියලා.
මේ රටේ මුස්ලිම් ජනතාවගෙන් බහුතරයක් ඡන්දෙ දුන්නේ මාලිමා ආන්ඩුවට. නමුත් මාලිමා ආණ්ඩුව මුස්ලිම් ජනතාව හොඳටම රවට්ටල තියෙනව. මේ වන විට වහපු මුස්ලිම් පල්ලි අරින්න තවම බැරිවෙලා තියෙනවා. ඊට අමතරව කැබිනට් අමාත්යධුරයක් මුස්ලිම් ජාතිකයෙකුට දුන්නේ නෑ. ඊට අමතරව බස්නාහිර ආණ්ඩුකාරතුමා හලීම් මහත්තයා ඉල්ලා අස්වෙලා තියෙනවා. මං හිතන්නේ මේ සිද්ධිවලින්ම පේනවා මුස්ලිම් ජනතාවත් මේ ආණ්ඩුව ගැන ඉන්නේ දැඩි කලකිරීමකින් කියලා.






















