Sunday, November 1, 2026
HomeNEWSඅනෝජන් මරණීය දණ්ඩනයෙන් නිදහස් කර ගැනීම ගැන ෆයිසර් මුස්තාපා මැතිසබයට කියයි

අනෝජන් මරණීය දණ්ඩනයෙන් නිදහස් කර ගැනීම ගැන ෆයිසර් මුස්තාපා මැතිසබයට කියයි

සෞදි අරාබියේ දී මරණ දණ්ඩනයට නියමව සිටි අනෝජන් සිවරාසා එම දඬුවමින් බේරා ගැනීමට හැකිවීම මුළු ශ්‍රී ලංකාවම ලබා ගත් ජයග්‍රහණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා අද(20) පාර්ලිමේන්තුවේදී ඒ ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද ප්‍රකාශ කළා.

සෞදි අරාබියේ මරණීය දණ්ඩනයට නියමව සිටි ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසා  බේරා ගැනීමට  අපි සියලුම දෙනා ශ්‍රී ලාංකිකයන් විදිහට කටයුතු කළා.

දේශපාලන, ජාති, ආගම් කිසිදු භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාම එකතු වී එක් අරමුණක් වෙනුවෙන් ක්‍රියා කළා.

අතිගරු ජනාධිපතිතුමා, විදේශ කටයුතු ඇමතිතුමා,විපක්ෂ නායකතුමා,සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිතුමා ඇතුළු සියලුම ශ්‍රී ලාංකිකයින් මෙහිදී එක් අරමුණක් වෙනුවෙන් කටයුතු කිරීම විශේෂත්වයක්.

අතිගරු ජනාධිපතිතුමාගේ අවසරය පරිදි මම, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම,අතිරේක සොලිසිටර් ජෙනරල් අසාඩ් නවාවි මුලින්ම සවුදි අරාබියට ගියා.

අනෝජන් සිවරාසාට අභියාචනාධිකරණයෙන් ලබා දී තිබූ මරණ දඬුවමට එරෙහිව අපිට එකම එක විකල්පයයි තිබුණේ එරට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට පමණයි.

ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එරට නීති සමාගමක් සමග අප සාකච්ඡා කළා. ඒ සඳහා එරට ශ්‍රී ලංකාවේ තානාපතිතුමා, තානාපති කාර්යාලයත් අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. මෙම නීති සමාගමට අවශ්‍ය සියලුම ගෙවීම් කළේ ශ්‍රී ලංකා රජය මඟින්.

අපි කණ්ඩායම සහ එරට නීති සමාගම අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තර්ක විතර්ක ඉදිරිපත් කරලා අවශ්‍ය අභියාචනය සකස් කිරීමට කටයුතු කළා.

එම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලාංකිකයින් වන අපට සුභදායක පණිවිඩයක් ලැබුණා.

අනෝජන් සිවරාසාගේ මරණීය දණ්ඩනය අහෝසි කරලා නැවත එම නඩුව එරට මහාධිකරණය වෙත යොමු කරලා තියෙනවා.

දෙවියන්ට අපහාස කිරීම ගැනෙන්නේ හද් වරදකට.එවැනි වරදවල්වලට සමාව දෙන්නේම නැති තරම්.ඒ නිසා මේ අවස්ථාවේදී අනෝජන් සිවරාසා මරණීය දණ්ඩනයෙන් නිදහස් කර ගැනීම ශ්‍රී ලාංකිකයින් හැටියට අපි සියලු දෙනාගේම ජයග්‍රහණයක්.

තවත් විශේෂ දෙයක් තමයි අනෝජන් සිවරාසා මරණ දණ්ඩනයෙන් නිදහස් කර ගැනීම ජාතික සමගිය ශක්තිමත් වීමටත් හොඳ අවස්ථාවක් වශයෙනුත් හඳුන්වන්න පුළුවන්.

විදේශ රටවල රැකියාවලට යන විට ඒ රටේ නීතිය, ආගම සංස්කෘතිය පිළිබඳව යම්කිසි දැනුවත් වීමක් කරන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ක්‍රියා කළ යුතුයි.

මං හිතන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනටමත් ඒ දැනුවත්වීම කරනවා.

අනෝජන් මෙම පෝස්ට් එක සමාජ මාධ්‍යයේ දාලා විනාඩි දහයකින් ගැලෙව්වා. දෙමළ භාෂාවෙන් දාපු එම පෝස්ට් එක කවුරු හරි ඒ කාලය තුළ පරිවර්තනය කරලා අදාල අංශ වලට යොමු කරලා තියෙනවා.

අපේ ජනගහනයෙන් සියයට දහයක් පමණ මැදපෙරදිග ඇතුළු විදේශ රටවල රැකියාවල නියුතු වෙනවා.
ඔවුන් විවිධ අභියෝගවලට මුහුණ දෙනවා ඔවුන් ගැන සොයා බලන්න ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න ස්වේච්ඡා සංවිධානයක් පිහිටු විය යුතුයි කියලා මම යෝජනා කරනවා.

විදේශ ශ්‍රමිකයින්ගෙන් විශාල මුදලක් රටට එන නිසා ඔවුන් ගැන සොයා බලන්න වෙනම අරමුදලක් පිහිටුවිය යුතුයි.

ජනාධිපතිතුමා සහ විදේශ ඇමතිතුමා මැදිහත් නොවන්නට අනෝජන්ට මරණ දණ්ඩනය හිමිවනවා.

මීට පෙර රිසානාගේ සිදුවීමේදී දේශපාලනිකව මැදිහත් වෙන්න ගිය නිසා ඇය බේරා ගැනීමට නොහැකි වුණා.

නමුත් අනෝජන්ගේ සිද්ධියේදී ජනාධිපතිතුමා ඒ බව තේරුම් අරගෙන අධිකරණය හරහා නිවැරදි ආකාරයෙන් මැදිහත් වෙන්න කියන පණිවිඩය තමයි ලබා දුන්නේ.

ඉදිරියේදී මෙම නඩුව එරට මහාධිකරණයේදී විභාග වනවා. අප එහිදී බලාපොරොත්තු වෙනවා අනෝජන්ට සම්පූර්ණ නිදහස කෙසේ හෝ ලබා ගැනීමට.

ෆයිසර් මුස්තාපා මන්ත්‍රීවරයා අදහස් දැක්වීමෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ කළේ ශ්‍රී ලාංකික පුරවැසියන් හැටියට රට වෙනුවෙන් නායකත්වය ලබාදුන් ෆයිසර් මුස්තාපා මැතිතුමාට ස්තූතිවන්ත වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක සජිත්

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා...

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරනවා- ජනපති

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් මෙවර අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරන බව, ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට එක්වෙමින් ජනපති කියයි.-ජාතික විද්වත් සංවිධානයේ ජාතික...

ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක (86) මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් පාකිස්ථානයට තුන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ජය

තුන්කොන් එක්දින තරගාවලිය - (අවසන් තරගය), පාකිස්ථානය කඩුළු 3 ක ජයක් සමඟ ශූරතාව දිනා ගනී. ශ්‍රී ලංකාව:325/8,පාකිස්ථානය:331/7 (48.3), ෆකර් සමන්:127, බායිග්:74, මදුසංක:63/3.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img