Monday, October 26, 2026
HomeNEWS2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා...

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වෙයි

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව (⁣ඇ:ඩො:බි:12.96) 5.04% ක ඉහළ යාමක්: EDB.2026 සැප්තැම්බර් මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (26) පැවැත්විණි.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති/විධායක අධ්‍යක්ෂ, මංගල විජේසිංහ මහතා සහභාගි විය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී අනාවරණය වූ කරුණු වලට අනුව, ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායම 2026 වසරේ මුල් මාස නවය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 13.6 ඉක්මවා ඇත.

ඒ අනුව, 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 12.96 ක අපනයන ආදායම හා සසඳන විට 5.04% ක වර්ධනයක් වාර්තා වී තිබීම විශේෂත්වයකි. මෙම ධනාත්මක ක්‍රියාකාරිත්වය, භාණ්ඩ හා සේවා අපනයන යන අංශ දෙකෙහිම වර්ධනය මගින් සහය වන,රටේ අපනයන අංශයේ අඛණ්ඩ පුළුල්වීම පිළිබිඹු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img