උස්බෙකිස්තානය සහ ශ්රී ලංකාව දක්වා සෘජු ගුවන් සේවය අරඹයි…
උස්බෙකිස්තානය පදනම් කරගත් Centrum Air සමාගම, ඊයේ (28) දින ටෂ්කන්ට් සහ මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන් තොටුපළ (MRIA) අතර නියමිත ගුවන් ගමන් ආරම්භ කෙරිණ.
ඒ හරහා ශ්රී ලංකාව සහ මධ්යම ආසියාව අතර නව ගුවන් සබඳතාවක් ගොඩනැගුණි. මෙරට සංචාරක කේෂ්ත්රය ද නව මාවතකට පැමිණෙනු ඇතැයි මේ තුළින් අපේක්ෂා කරනු ලබයි.
උස්බෙකිස්තානය සහ ශ්රී ලංකාව දක්වා විදේශිකයින් මෙරට පැමිණි අවස්ථාවේදී ඉතා ගෞරවයෙන් පිළිගනු ලැබුවා.
මෙම ගුවන් සේවය 2026 – 2027 මෙරට සංචාරක ඍතුව සඳහා සතියකට දෙවරක්, එනම් බදාදා සහ සෙනසුරාදා දිනවල ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම නව සේවාව සංචාරක කර්මාන්තයට සහාය වනු ඇතැයි ද, රටවල් දෙක අතර සම්බන්ධතාව ශක්තිමත් කරනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
Aitken Spence PLC සමාගමේ අනුබද්ධ ආයතනයක් වන Royal Spence Aviation, ශ්රී ලංකාව තුළ Centrum Air හි ප්රධාන විකුණුම් නියෝජිතයා (GSA) සහ ගුවන් තොටුපළ අධීක්ෂණ නියෝජිතයා ලෙස පත් කර ඇත.
මාධ්ය අංශය
වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්යාංශය






















