Saturday, October 31, 2026
HomeNEWSප්‍රජා ශක්ති යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ...

ප්‍රජා ශක්ති යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක්-අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක සංවර්ධන වැඩසටහන්

Photo Link – https://we.tl/t-qFzL0MKkTwQzUhXw

Speech Link – https://we.tl/t-AmqVVErK3jnvt4GA

ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමක් සඳහාම රුපියල් ලක්ෂ 52ක පමණ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතින බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කළේය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා ශක්ති ජාතික මහලේකම් කාර්යාලය එක්ව, රජයේ ප්‍රමුඛ අරමුණක් වන දිළිඳුකම තුරන් කිරීම වෙනුවෙන් ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ. ඒ සඳහා 2026 අයවැය මඟින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 25,000කි.

ඒ අනුව, දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී වසමක්ම ආවරණය වන පරිදි එම වසම්වල පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා මඟින් ප්‍රමුඛතාගත කර හඳුනාගත් සංවර්ධන වැඩසටහන් අතරින් අවම වශයෙන් එක් ව්‍යාපෘතියක් හෝ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

එම සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඒවා වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීමේ දිස්ත්‍රික් සමුළු මාලාවක් මේ දිනවල දිවයිනේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පැවැත්වීමට සැලසුම් කර තිබේ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළු පැවැත්වේ.

ඊට සමගාමීව වවුනියාව දිස්ත්‍රික් ප්‍රජා සංවර්ධන සභා නියෝජිත සමුළුව පසුගියදා වවුනියාව නගර සභා සංස්කෘතික ශාලාවේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ වවුනියාව දිස්ත්‍රික්කය ග්‍රාම නිලධාරී වසම් 102කින් සමන්විත වන බවත්, ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ එම දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 535ක මුදලක් වෙන් කර ඇති බවත්ය. ඒ අනුව, වවුනියාව දිස්ත්‍රික්කයේ එක් ග්‍රාම නිලධාරී වසමක් සඳහා රුපියල් ලක්ෂ 52ක පමණ වටිනාකමකින් යුත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රටේ සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි ශක්තිමත් ප්‍රජා සංවර්ධන සභා පිහිටුවීම, ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම, සංවර්ධන ක්‍රියාවලිය තුළ සිදුවන වංචා හා දූෂණ වැළැක්වීම සහ සියලු ජන කොටස්වල ජීවන තත්ත්වය උසස් කිරීම ප්‍රජා සංවර්ධන සභාවල ප්‍රධාන කාර්යභාරයන් වන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ප්‍රජා සංවර්ධන සභාවලට සෘජු මූල්‍ය හෝ කොන්ත්‍රාත් බලතල හිමි නොවන නමුත්, විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු හරහා ගම්මාන වෙත ලැබෙන සියලුම සංවර්ධන ව්‍යාපෘති අදාළ සැලසුම්වලට අනුව නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න අධීක්ෂණය කිරීමේ හැකියාව එම සභාවලට පවතින බවද ඔහු පෙන්වා දුන්නේය. ඒ ඔස්සේ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ සමාජ විගණනයක් සිදු කිරීමටද හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම, සංවර්ධන කටයුතු සඳහා වෙන් කරන මහජන මුදල් අවභාවිත වීම වැළැක්වීමටත්, එම කටයුතුවල විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීමටත් ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට වවුනියාව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා, ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තිලිනි කරස්නාගොඩ මහත්මිය, ග්‍රාමීය සංවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් වික්‍රම මහතා, වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයා, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරීන්, ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මාධ්‍ය ඒකකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජයේ මර්දන පනත් අධිකරණයට අපහාස කිරීමක් – විපක්ෂ නායක සජිත්

රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරමින් ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා රට ගෙන යන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ...

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට එරෙහිව නීතිමය පියවර ගන්නවා – සමාජවාදී තරුණ සංගමය

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට උත්සහ දරමින් සිදු කරන ප්‍රකාශවලට එරෙහිව නීතිමය පියවර ගන්නවා - සමාජවාදී තරුණ සංගමය ආගම්වාදය, ජාතිවාදය මූලික කරගනිමින් සිදුකරන ව්‍යාජ දේශපාලන විරෝධතාවයන්ට...

පරපුර දෙකක් නියෝජනය වන සාමාජිකත්වය ප්‍රවර්ධනය කළ පළමු පක්ෂය එජාපයයි- සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ Gen Z UNP යන පරම්පරා දෙකෙහි නියෝජිකත්වය අද (30) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය. පිටකෝට්ටේ...

මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිත පාරිසරික ගැටලු ගැන අවධානය

මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රිකකය ආශ්‍රිත පාරිසරික ගැටලු සොයා බැලීමේ සාකච්ඡාවක් මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිත පාරිසරික ගැටලු සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img