Sunday, November 1, 2026
HomeNEWSවිශ්වාසය ගොඩනැගීමේ මාධ්‍යයේ කාර්යභාරය විදේශ ඇමති විජිත අවධාරණය කරයි

විශ්වාසය ගොඩනැගීමේ මාධ්‍යයේ කාර්යභාරය විදේශ ඇමති විජිත අවධාරණය කරයි

සත්‍යය තහවුරු කිරීම, මහජන විශ්වාසය ගොඩනැගීම සහ සාමය ප්‍රවර්ධනය කිරීමේදී මාධ්‍යයේ කාර්යභාරය අමාත්‍යවරයා අවධාරණය කරයි

සාවද්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ප්‍රජාවන් අතර සාමය හා අවබෝධය වර්ධනය කිරීම සඳහා වගකීම්සහගත මාධ්‍ය භාවිතයක වැදගත්කම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේය.

කොළඹ සිනමන් ලයිෆ්, සිටි ඔෆ් ඩ්‍රීම්ස් පරිශ්‍රයේ අද පැවති ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ (ABU) 63 වැනි මහා සමුළුවේ පිළිගැනීමේ කතාව සිදු කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශීඝ්‍ර තාක්ෂණික දියුණුව හමුවේ මතුව ඇති අභියෝග පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ තොරතුරු වෙත ප්‍රවේශ වීම පහසු වී ඇතත්, සත්‍යය සහ අසත්‍යය අතර වෙනස හඳුනාගැනීම වඩ වඩාත් අසීරු වී ඇති බවයි. නිවැරදි තොරතුරු ජනතාව වෙත ලබාදීම සහ මහජන අවබෝධය වර්ධනය කිරීම විකාශන ආයතන සතු වගකීමක් බව ද ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ සමාජීය විවිධත්වය පිළිබඳව සඳහන් කළ අමාත්‍යවරයා, සංවාදය සහ අන්‍යෝන්‍ය ගෞරවය ප්‍රවර්ධනය කිරීම සඳහා මාධ්‍යයට වැදගත් කාර්යභාරයක් පැවරෙන බව පෙන්වා දුන්නේය. තාක්ෂණික නවෝත්පාදනයන් මානව යහපත උදෙසා යොදාගත යුතු අතර, දැනුම වෙත ප්‍රවේශ වීමේ අවස්ථා පුළුල් කිරීම ද අත්‍යවශ්‍ය බව ඔහු සඳහන් කළේය.

“සාමය පවත්වාගෙන යාම සඳහා රාජ්‍යතාන්ත්‍රික කටයුතු පමණක් ප්‍රමාණවත් නොවේ” යැයි පැවසූ අමාත්‍යවරයා, ජනතාව අතර අවබෝධය වර්ධනය කිරීම සහ වගකීම්සහගත විකාශන මාධ්‍ය භාවිතය තුළින් සමාජයන් අතර සමීප සබඳතා ගොඩනැගීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

“මාධ්‍යය සාමය සහ මානවහිතවාදය උදෙසා: සත්‍යය, විශ්වාසය සහ පරිවර්තනය” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම පස්දින මහා සමුළුව සහ ඊට සමගාමී රැස්වීම් 2026 ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 3 දක්වා පැවැත්වේ. MTV ශ්‍රී ලංකා ආයතනයේ සත්කාරකත්වයෙන් සංවිධානය කර ඇති මෙම අවස්ථාවට ආසියා ශාන්තිකර කලාපය ඇතුළු විවිධ රටවල විකාශන ආයතන නියෝජිතයින්, මාධ්‍ය වෘත්තිකයින් සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්ව සිටිති.

1964 වසරේදී ස්ථාපිත කරන ලද ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමය රටවල් 66ක විකාශන හා මාධ්‍ය ආයතන නියෝජනය කරන කලාපීය සංවිධානයකි. එය සහයෝගිතාව, දැනුම හා අත්දැකීම් හුවමාරුව සහ වෘත්තීය සංවර්ධනය සඳහා වේදිකාවක් සපයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දුම්බර බන්ධනාගාරයෙන් පලා යෑමට තැත්කළ රැඳවියෙකු වෙඩි තැබීමකින් මරුට

දුම්බර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු පලායෑමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට: බන්ධනාගාර දෙපාර්තමේන්තුව .

රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් – විපක්ෂ නායක සජිත්

රජය නීත්‍යානුකූලව රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාටම මූලික හා මානව අයිතිවාසිකම්...

හානි වූ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීන රජයෙන් රුපියල් මිලියන 3,933 ක පූර්ණ ප්‍රදානයක්

" ශ්‍රී ලංකාවේ ආපදා පසුකාලීන පාලම් ප්‍රතිසංස්කරණය සඳහා වන චීන රජයේ හදිසි ආධාර ව්‍යාපෘතියේ’ පළමු අදියර නිල වශයෙන් ඇරඹේ.....! හානි වූ පාලම් 14ක් ප්‍රරතිසංස්කරණයට චීන...

ජලය පිරිසිදු කිරීමට අවශ්‍ය ක්ලෝරීන් ඇතුළු රසායනික ද්‍රව්‍යවල හිඟයක්- නිරෝෂන් පාදුක්ක

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (01) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ දූෂණ විරෝධී බලකායේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය, ‘‘ජල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img