‘මුරාසි’ කුණාටු තත්ත්වය හේතුවෙන් ධීවරයින් සඳහා වන විශේෂ අනතුරු ඇඟවීම.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලබන නිවේදනය.
2026.11.02
” කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරු 10.30 ට නිකුත් කරන ලද නවතම කාලගුණ විද්‍යා නිවේදනයට අනුව, බටහිර මධ්‍යම සහ ඊට ආසන්න බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මේ වන විට ‘මුරාසි’ නමින් හැඳින්වෙන සුළි කුණාටු තත්ත්වයක් වර්ධනය වී ඇත. මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල ඉතා අධික සුළං ප්‍රවාහයක් මෙන්ම මුහුදු රළ ඉහළ යාම හේතුවෙන් මුහුද ඉතා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගනු ඇති බවට අනතුරු අඟවා තිබේ.
ඒ අනුව, කල්පිටියේ සිට මන්නාරම, කිළිනොච්චිය, යාපනය, සහ මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වන උතුරු සහ නැගෙනහිර වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල රැකියාවේ නිරත වන කුඩා යාත්‍රා සඳහා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාමෙන් වළකින ලෙස සියලුම ධීවරයින්ගෙන් ඉල්ලා සිටිමු.
මේ වන විටත් එම කලාපවල රැකියාව සඳහා පිටත්ව ගොස් ඇති කුඩා යාත්‍රා සඳහා පවතින දැඩි සුළං තත්ත්වය යටතේ ආරක්ෂිතව රැකියාව කිරීමට නොහැකි අවදානම් සහගත තත්ත්වයක් උදාවී ඇති බැවින්, වහාම ආරක්ෂිත ප්‍රදේශ කරා හෝ නැවත ගොඩබිමට පැමිණෙන ලෙස දැඩිව දැනුම් දෙමු.
අනෙකුත් ප්‍රදේශවල ධීවර කර්මාන්තයේ නිරත වන ධීවරයින් ද තම ප්‍රදේශවල පවතින සුළං තත්ත්වය සහ මුහුදු රළේ ස්වභාවය පිළිබඳව දැඩි අවධානයකින් යුතුව කටයුතු කළ යුතුය. එසේම, මුහුදු යාමේදී, රැකියාවේ නිරත වීමේදී සහ ආපසු පැමිණීමේදී ජීවිතාරක්ෂක කබා පැළඳීම අත්‍යවශ්‍ය උපකරණයක් ලෙස සලකා අනිවාර්යයෙන්ම ඊට අනුගතව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණ නිවේදන පිළිබඳව අඛණ්ඩව අවධානයෙන් පසුවන ලෙස ධීවර ප්‍රජාවගෙන් කාරුණිකව දැනුම් දෙමු.”
ඒ.එම්.එම්.එම්.කරුණාරත්න,
මාධ්‍ය ලේකම්,
ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍යතුමාගේ.






















