2026 නොවැම්බර් 2 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්
ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීම ගෝත්‍රිකයි කිවූ බිමල් රත්නායක ඇමතිවරයා විසින් අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්මක් ගැසට් මගින් ප්‍රසිද්ධ කළාම, අපි ඒක කරුණු සහිතව, තාර්කිකව, විශ්ලේෂණාත්මකව විවේචනය කළාම ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිතුමාගේ ප්‍රතිචාරය වුණේ “ගම්මන්පිල කියන දේවල්වලට අපේ ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්නේ නැහැ” කියන එක. හැබැයි ආණ්ඩුවේ අය නොවන නිසා වෙන්න ඇති ආගමික කටයුතු අමාත්‍ය, හිනිදුම සුනිල් සෙනවි මැතිතුමාත්, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මැතිතුමාත්, සෞඛ්‍ය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මැතිතුමාත් මේ වන විට අපේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වලා තියෙනවා. නිකන් නෙවෙයි, බරපතල පච ගොතමින් අපේ ප්‍රකාශ විකෘති කරමින්. අපි එකින් එකට යමු.
ආගමික කටයුතු ඇමති හිනිදුම සෙනවි මැතිතුමන් කියන්නේ මාලිමා ආණ්ඩුව බෞද්ධ විරෝධී කියන එක පදනම් විරහිත නිසා ඒක ප්‍රතික්ෂේප කරනවා කියලා. අපි මාලිමා ආණ්ඩුව බෞද්ධ විරෝධී කියලා කිව්වේ පදනම් විරහිතව නෙවෙයි, සාක්ෂි සහිතවයි. පසුගිය සඳුදා, ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා, අපි මේ ස්ථානයේ පවත්වපු මාධ්‍ය හමුවේ සම්පූර්ණ මාධ්‍ය හමුව යූටියුබ් නාලිකාවේ බලාගන්න පුළුවන් අපි නිශ්චිතව කරුණු 14ක් ඉදිරිපත් කරමින් තමයි මාලිමා ආණ්ඩුව බෞද්ධ විරෝධී ආණ්ඩුවක් ය කියන කාරණය ඉදිරිපත් කළේ. අපේ සුනිල් සෙනවි ඇමතිතුමාට අවාසියා කර්ණා බාධා නැත්නම්, අවාසි දේවල් ඇහෙන්නේ නැති රෝගයක් තිබෙනවා වගේ පේන නිසා එතුමාගේ පහසුව පිණිස ඒ කාරණා 14 අපි කෙටියෙන් සිහිපත් කරන්නම්.
කාරණා අංක එක: ජනාධිපතිතුමා ධූරයට පත්වූ පළවෙනි වතාවේ මල්වතු මහා නායක හිමියන් බැහැදකින්න ගිය අවස්ථාවේ එතුමාගේ අතේ බැඳ පිරිත් නූල අනිත් පැත්තට ගලවා ඉවත් කිරීම. දෙක: පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී චිරාගත සම්ප්‍රදායානුකූලව ගායනා කරන ජයමංගල ගාථා ගායනා කිරීම නැවැත්වීම. තුන: රාජ්‍ය උත්සවවල, පළාත් පාලන ආයතනවල පන්සිල් අරගෙන වැඩ පටන්ගැනීමේ සම්ප්රදාය නතර කිරීම. හතර: ඓතිහාසික මිහින්තලේ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේට ලාල්කාන්ත ඇමතිතුමා ප්‍රසිද්ධියේ අපහාස කිරීම. පහ: බෞද්ධයන් උතුරේ වන්දනාවට යන්නේ ජාතිවාදය ඇවිස්සීමට යැයි වෙන කිසිවෙකු නොවෙයි, බුදු සසුන සුරක්ෂිත කොට පෝෂණය කිරීම භාරගත්ත ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කිරීම. හය: ජීවමාන බුදුන් වහන්සේට සමාන කරමින් ජනතාව වැඳුම් පිදුම් කරන බුදු පිළිමයක් ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස් අත්අඩංගුවට පත්වීම. හත: මුතුකුඩයක් කැඩෙනතුරු බෞද්ධ භික්ෂූන් වහන්සේලාට පොලීසිය විසින් පහරදීම. අට: නැගෙනහිර බෞද්ධ උරුමය රැකගැනීමට ගිහින් අත්අඩංගුවට පත්වුණු භික්ෂූන් වහන්සේලාට ඇප ලබාදීමට පොලීසිය විසින් අධිකරණයේදී විරුද්ධ වීම. නවය: 22 වන සංශෝධනය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලා නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශය ආණ්ඩුව විසින් මහා ජනතාවගෙන් සැඟවීම. දහය: පූජනීය ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ සිවුරු ගලවලා, ගිහි වෙස් ගන්වලා, දවස් දෙකක්ම මහජන ප්‍රදර්ශනයක් පැවැත්වීම. සුද්ධවත් නොකරපු දෙයක්. එකොළහ: මිනීමරුවන්ට, ස්ත්‍රී දූෂකයන්ට ජනාධිපති සමාව ලබාදුන්නු වත්මන් ජනාධිපතිතුමා ඥානසාර ස්වාමීන් වහන්සේට නිදහස ලබාදීම ප්‍රතික්ෂේප කිරීම. දොළහ: බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් තැන්පත් කර තිබෙන, මහා සෑය ලෙස ලෝකවාසී බෞද්ධයන්ගේ ගෞරවයට පාත්‍ර වුණු රුවන්වැලි සෑය හුදු ස්මාරකයක් යැයි ආගමික කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කිරීම. එසේ මෙසේ කෙනෙක් නෙවෙයි, විෂයභාර අමාත්‍යවරයා. දහතුන: ලොව කිසිම රාජ්‍ය නායකයෙක් නොකළ අයුරින් වත්මන් ජනාධිපතිතුමා පාවහන් පැළඳගෙන මහා සෑය වන්දනා කිරීමට යෑම. දහහතර: ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීම ගෝත්‍රිකයි කිවූ බිමල් රත්නායක ඇමතිවරයාටම ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටින අනුරාධපුර පූජා නගරය සංවර්ධනය කිරීම භාරදීම. නරියන්ට කුකුල්ලු භාර දුන්නටත් වඩා භයානක දෙයක්.
මෙන්න මේ කියන කාරණා 14 මත පදනම් වෙලයි අපි මාලිමා ආණ්ඩුව බෞද්ධ විරෝධී ආණ්ඩුවක් ය කියන ලේබලය ඇලෙව්වේ. ඒ නිසා අපේ ප්‍රකාශය පදනම් සහිතයි. ගරු ආගමික කටයුතු ඇමතිතුමනි, ඔබේ ප්‍රකාශයයි පදනම් විරහිත කියන එක අපි සිහිපත් කරනවා.
අපි ආණ්ඩුවට කියන්නේ, අනුරාධපුරය කියන්නේ ථේරවාදී බෞද්ධයාගේ හදවත. බෞද්ධ විරෝධී ආණ්ඩුවකට බෞද්ධයාගේ හදවතට සැත්කම් කරන්න ඉඩදෙන්න බැහැ. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආණ්ඩු බෞද්ධ නොවුණත් බෞද්ධ විරෝධී වුණේ නැහැ. ඒ නිසා ඒ යුගයේ කරපු සංරක්ෂණයක් සංවර්ධනයක් වත් මේ ආණ්ඩුවට කරන්න බෞද්ධයන්ට ඉඩදෙන්න හැකියාවක් නැහැ, මොකද එය බුදුදහමේ අවසානය බවට පත්වෙන නිසා. වසර 2300ක් අඛණ්ඩව බුදුදහම රැකගත් ලොව එකම රටින් බුදුදහම අතුරුදහන් කරන්න ඉඩදෙන්න බැරි නිසා. ඒ වගේම, අපි ඉන්දියාවට කියන්නේ, ඔබට අනුරාධපුරයේ පූජාභූමිය වෙනුවෙන් අරමුදල් ලබාදීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකට කරන්න ඕනේ පූජා නගරය සංවර්ධනය කිරීමට නෙවෙයි මුදල් දෙන්න ඕනේ. අර මහා පොළොව යට තියෙන වසර 3500ක් පැරණි අනුරාධපුර නගරය කැනීම් හරහා මතුකරගෙන සංරක්ෂණය කරන්නයි ආධාර ලබාදෙන්න ඕනේ. එහෙම නොකර අනුරාධපුර පූජා නගරය සංවර්ධනය කරනවා කියන්නේ මේ රටේ ජනතාවගේ ඓතිහාසික උරුමයක් මහා පොළොව යට සදහටම වැළලීමක් කරනවා කියන එකයි. ඒ අපරාධයට කවුරුවත් හවුල් වෙන්න එපා කියන ඉල්ලීමයි අපි සිද්ධ කරන්නේ.
අපි දැන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි ඇමතිතුමාගේ ප්‍රකාශය බලමු. සරලවම කිව්වොත් එතුමා කියනවා, අනුරාධපුරයේ රුවන්වැලි සෑය වටා වැටක් ගහන්න කවුරුහරි යනවා නම් එයා මානසික රෝගියෙක්. කවුරුහරි එහෙම කෙනෙක් ඉන්නවා නම් අපිට කියන්න, අපි එතුමාට ප්‍රතිකාර කරන්න සූදානම්. ගරු හංසක විජේමුණි වෛද්‍ය නියෝජ්‍ය ඇමතිතුමනි, ඔබ කියන මානසික රෝගියා වෙන කවුරුවත් නොවෙයි ඔබේම ආණ්ඩුවේ සභා නායක බිමල් රත්නායක ඇමතිතුමායි.
මේ මගේ අතේ තියෙන්නේ යාවත්කාලීන කරන ලද අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම ප්‍රකාශයට පත්කිරීම කියලා පූජා නගර පූජාභූමි සංවර්ධන සැලැස්ම අංක 2477 / 44 දරන ගැසට් පත්‍රයේ මගින් ප්‍රසිද්ධ කර තිබෙන සැලැස්ම. මේ සැලැස්මේ 7A කියන පිටුවේ තියෙනවා පස්වන ඡේදය යටතේ සංරක්ෂණ සහ සංවර්ධන යෝජනා. ඒකේ දෙවෙනි යෝජනාව තමයි “රුවන්වැලි සෑය වටා ආරක්ෂිත වැටක් ඉදිකිරීම”. එහෙනම්, හංසක විජේමුණි නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍යතුමනි, ඔබ සොයන මානසික රෝගියා ඔන්න අපි හොයලා දුන්නා සාක්ෂි සහිතව. ඔබ කියන මානසික රෝගියා වෙන කවුරුවත් නොව ඔබේම බිමල් රත්නායක ඇමතිතුමාය කියන එක මෙන්න ලිඛිත සාක්ෂි සහිතව පෙන්නුවා. එහෙනම් පොරොන්දු වුණු ආකාරයෙන් වහා වහාම එතුමාට ප්‍රතිකාර කිරීම ඔබතුමා දැන් පටන්ගත යුතුයි කියන එක සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිතුමාට කියනවා. ඔන්න අපි අපේ වගකීම ඉටුකළා හොයලා දුන්නොත් බෙහෙත් කරන්නම් කිව්වනේ. ඔන්න අපි හොයලා දුන්නා, දැන් බිමල් රත්නායක ඇමතිතුමාට බෙහෙත් කිරීම හංසක විජේමුණි වෛද්‍යතුමාට භාරයි. එතුමා යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය තියෙන නිසා අනික් දොස්තරලට වඩා මේ දොස්තරට ප්‍රතාකාර කිරීම ලේසියි. මං දන් නෑ එතුමා මානසික වෛද්‍යවරයෙක්ද කියලා. වැඩේ බාරගත්තනම් රටට ආදරයක් තියෙනවා නම් වහාම බිමල් අමාත්‍යතුමාට ප්‍රතිකාර කිරීම පටන්ගන්න කියලා අපිට ඉල්ලා සිටින්න සිද්ධවෙන්නේ.
අපි ඊළඟට එනවා, එරංග ගුණසේකර ඇමතිතුමා, ඒ කියන්නේ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ඇමතිතුමාගේ ප්‍රකාශය. ඔන්න එරංග ගුණසේකර ඇමතිතුමාගේ ප්‍රකාශය අපි පෙන්නුවා. දැන් එතුමා කියන විදිහට මම කියලා තියෙනවලු අලුත් සංවර්ධන සැලැස්ම යටතේ රුවන්වැලි සෑය හාරගෙන හාරගෙන හාරගෙන යනවා, ඒ නිසා කොයි මොහොතේ හෝ රුවන්වැලි සෑය බිමට කඩා පාත්වෙනවා කියලා. දැන් එතුමා කියනවා ගම්මන්පිල පට්ට පචනේ කෙලින්නේ කියලා තමයි වැඩේ පටන්ගන්නේ. හැබැයි දැන් එතුමාගේ කතාවේ අපි වීඩියෝ සාක්ෂි සහිතව පෙන්නුවා. දැන් එරංග ගුණසේකර නියෝජ්‍ය ඇමතිතුමනි, මේ අභියෝගය ඔබටයි, මගේ කතාවේ එහෙම තියෙන වීඩියෝ පටය, එතුමාට ඇහුණා කියනවනේ මම එහෙම කියනවා. එතුමා මාධ්‍ය හමුව අහගෙන හිටියා කියලානේ ඕක කිව්වේ, වෙන කවුරුවත් කිව්වා කියලා ඇහුණු දෙයක් කිව්වා නෙවෙයි, එතුමාගේ ඇසට දැක්ක කනට ඇහුණු දේ තමයි එතුමා කියන්නේ කිව්වා. එහෙනම් ගරු එරංග ගුණසේකර ඇමතිතුමනි, මගේ අභියෝගය මම ඔය ප්‍රකාශය කරන වීඩියෝවත් ඔය වගේම පෙන්නන්න. නැත්නම් “මාලිමා නම් පච, පච නම් මාලිමා” කියලා මේ රටේ ජනතාව අතර තියෙන විශ්වාසය තවත් එක වටයකින් තහවුරු කිරීම පමණයි ඔබතුමා කරලා තියෙන්නේ.
ඇත්තෙන්ම මාලිමා ආණ්ඩුව පුරුද්දකට වගේ මාසෙකට දෙතුන් වතාවක් මාව පොලීසියකට, උසාවියකට ගෙනියනවා මගේ ප්‍රකාශ මත පදනම් වෙලා. එහෙම මාව අරගෙන ගියත් අදටත් මම බේරිලා ඉන්නේ මම කියන්නේ සත්‍යය, පරම සත්‍යය සහ පරම සත්‍යය පමණක්ම නිසා. ඉතින් මම සත්‍යය, පරම සත්‍යය සහ සත්‍යය පමණක්ම කියන නිසා තමයි මේ දක්වා මාලිමා මර්දනයෙන් බේරිලා ඉන්නේ. ඒ නිසා එරංග ගුණසේකර ඇමතිතුමනි ඔබතුමාලා වගේ මමත් ටොම් පචයෙක් කියලා හිතන්න එපා, අපි හැමදාම කතා කරලා තියෙන්නේ සාක්ෂි සහිතවයි.
ඒ වගේම මම කියන්න ඕනේ, මම දැක්කා ජනාධිපතිතුමාත් පසුගිය ඉරිදා ඔය ඊට සමාන ප්‍රකාශයක් සිද්ධ කරනවා. හැබැයි මම මේ ජනාධිපතිතුමාගේ සිට පහළම ඩෝබියා දක්වා සිටින මාලිමාවේ සියලු දෙනාටම කියන්නේ මාව රාජපක්ෂවරුන්ගේ මට්ටමෙන් මනින්න එපා. රාජපක්ෂලා ගැන ටොම් පච අතඇරලා බේරිලා ඉන්න තමුන්නාන්සේලාට පුළුවන් වුණාට මට එරෙහිව ප්‍රකාශ කරන සෑම කෙනාටම එරෙහිව මම රටේ නීතිය අනුව කටයුතු කරනවා. මේ වනවිටත් පැමිණිලි විශාල ගණනක් කරලා තියෙනවා, ඒ පැමිණිලිවලට කිසිම ප්‍රගතියක් නැති නිසා අනිත් පැමිණිලි ටික හදාගෙන ඉන්නවා. ස්වාධීන පොලීසියක් පැමිණි වහාම ඒ පැමිණිලි ඉදිරිපත් කරන්න. ජනාධිපතිගේ සිට පහතම ඩෝබියා දක්වා මා ගැන කරන බොරු ප්‍රකාශවලට මම නීතිය ක්‍රියාත්මක කරනවා කියන අනතුරු ඇඟවීම මාලිමාවේ ඉහළ පහළ සිටින සියලුම දෙනාට මම සිද්ධ කරනවා.
ඒ වගේම අවසාන වශයෙන් මම දැක්කා පා පැදි කරුවෙක්, ටයිපොල්ලක් දාගෙන රහස් පොලීසියට නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ගම්මන්පිල පූජා නගර සැලැස්ම ගැන බොරු කියලා ජාතිවාදය අවුස්සනවාය කියලා පැමිණිල්ලක් සිද්ධ කරනවා. අනේ අහිංසකයා, කවුදෝ ලියලා දුන්න පැමිණිල්ලක් ගිහිල්ලා කරේ. එයාම දන්නේ නැහැ එයා පැමිණිලි කරන්නේ කාටද කියලා. මාධ්‍යවේදීන් ඇහුවම දැන් ඔබතුමා කාට එරෙහිවද පැමිණිලි කරන්නේ කියලා. එයා අහනවා මාධ්‍යවේදීන්ගෙන් අර ගම්මන්පිලට නේද කියලා. එතකොට මාධ්‍යවේදීන් කියනවා අපි දන්නේ කොහොමද ඔබනේ පැමිණිලි කරන්නේ, ඔබ දැනන් ඉන්න එපැයි කාටද පැමිණිලි කරන්නේ කියලා. ඉතින් එහෙම තමයි ඩෝබි වුණාම වැටුපට වැඩ කරන්නේ. ඉතින් දවසට රුපියල් 1500ක් සාක්කුවට දැම්මම තමන්ට ලැබෙන වගකීම ඉටු කරනවා. එහෙම නැත්නම් තමන්ට ඇතිවෙච්ච ආවේගයක් නිසා පැමිණිල්ල කරන්න ආවා නම් තමන් පැමිණිලි කරන්නේ කාට එරෙහිවද කියන එක තමන් දැනගෙන සිටිය යුතුයි. හැබැයි මේ පැමිණිල්ල කිරීම ගැන මම බොහෝම සතුටු වෙනවා. ඇයි? මේ ගැන අනිවාර්යයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදුකළ යුතුමයි. මට එරෙහිව ආපු අනිත් සෑම පැමිණිල්ලකටම වුණු දේ මේ පැමිණිල්ලටත් සිද්ධ වෙනවා. මොකද මා කතා කර ඇත්තේ සාක්ෂි සහිතවයි කියන එක අධිකරණයේදී පොලීසියේදී ඔප්පු වුණාම ඔය මට විරුද්ධව ගෙනිච්ච 15 වෙනි පැමිණිල්ල, ඒ අනිත් පැමිණිලි වලට අත්වෙච්ච ඉරණමමයි ඔය පැමිණිල්ලටත් අත්වෙන්නේ. මොකද අපි කතා කරලා තියෙන්නේ කරුණු මත පදනම්ව සත්‍යය පමණක් නිසා. ඉතින් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කල්මරන්නේ නැතුව මේ විමර්ශනය කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මමද බොරු කියන්නේ මාලිමාවද බොරු කියන්නේ කියන එක රටටම බලාගන්න පුළුවන්. මාව ඇතුළට දානවා නම් මම යන්නේ බිමල් රත්නායක ඇමතිතුමාත් එක්ක, ඉතින් මේගොල්ලෝ බිමල් රත්නායක ඇමතිතුමා ඇතුළට දාන්න නැති හින්දා මමත් එළියේ.
දැන් ඔය වගේම දෙයක් වුණා, මාව කුලියාපිටිය අධිකරණයට අරන් ගියා අර බලනහර කැපීමේ සිද්ධිය පිළිබඳව මම අසත්‍ය ප්‍රකාශ කරලා අධිකරණයට අපහාස කළාය කියලා. මම කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙන්නුවා මගේ ප්‍රකාශවලට පදනම් කරගත්තේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ ලිපි සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ සටහන්. මම ඒවා ඉදිරිපත් කරලා මම කිව්වා මේක බොරු නම් බොරුව කියලා තියෙන්නේ මම නෙවෙයි, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් සහ පොලිස් මාධ්‍ය ප්රකාශකයි. මහේස්ත්රාත්තුමා මාව මුදාහැරියා. ඉතින් මෙතනත් මම කතා කරලා තියෙන්නේ බිමල් රත්නායක ඇමතිතුමා විසින් මේ ප්‍රසිද්ධ කරපු මේ ගැසට් නිවේදනයේ සඳහන් වැඩසටහන පදනම් කරගෙන. ඒකේ තියෙන්නේ බොරුයි කියලා ආණ්ඩුව කියනවා නම්, ඉතින් ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි බිමල් රත්නායක ඇමතිතුමාගේ ප්‍රශ්නයක්. වැරදිලා නම් ලිව්වේ ඒවා සංශෝධනය කරගන්න පුළුවන්, බොරුවට මේ පච වෙලා තියෙන ලේඛනයක් රකිනවා වෙනුවට ආණ්ඩුව කළ යුත්තේ වැරදීමකින් වැරැද්දක් සටහන් වෙලා තියෙනවා නම් ඒවා සංශෝධනය කරන්න. මේකේ තියෙනවා භූගත ගොඩනැගිලි ඉදි කරනවා. 19A පිටුවේ තියෙනවා. අපි ඒක පදනම් කරගෙන කරුණු දැක්වුවා. ඉතින් භූගත ඉදි කරන්නේ නැත්නම් මේකේ දාන්න හේතුවක් නැහැනේ. එහෙනම් වහාම මේක සංශෝධනය කළ යුතුයි. වැරදුනා කියලා පිළිගත්තා මේක සංශෝධනය කළා ප්‍රශ්නේ ඉවරයි. එහෙම ප්‍රශ්නේ ඉවර කරන්නේ නෑ කියන්නේ ආණ්ඩුව මඩවලක දඟලමින් තව තවත් එරෙමින් සිටිනවා කියන එකයි කියන එක අපි මාලිමාවට සිහිපත් කරනවා.






















