Monday, November 2, 2026
HomeNEWSජනාධිපති අරමුදලින් සබරගමුව පළාතේ 2025 උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති

ජනාධිපති අරමුදලින් සබරගමුව පළාතේ 2025 උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති

ජනාධිපති අරමුදලින් සබරගමුව පළාතේ 2025 උසස් පෙළ
විශිෂ්ටයෝ ඇගයෙති

අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් දිස්ත්‍රික් මට්ටමින් ඇගයීම සඳහා ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනේ 2025 උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීමේ සබරගමුව පළාත් වැඩසටහන ඊයේ (01) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

රටේ අනාගත මානව සම්පත ලෙස ඔවුන් සිදුකර ඇති කැපවීම සහ ජයග්‍රහණ අගයමින් දිරිගැන්වීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර ඒ අනුව, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්හි 2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේදී එක් එක් විෂය ධාරාවෙන් ඉහළම ප්‍රතිඵල ලබාගත් සිසුන් විසිදෙනෙකු බැගින් මෙහිදී ඇගයීමට ලක් කෙරුණු අතර, එම සෑම සිසුවෙකුටම රුපියල් 100,000ක මූල්‍යාධාර සමග ඇගයීම් සහතික පත්‍රයක් පිරිනැමිණි.

මෙහිදී අදහස් දැක්වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, “පළමුව රටේ ජනතාව” යන රජයේ ප්‍රතිපත්තිය අනුව අද වන විට ජනාධිපති අරමුදල ද ජනතාව වෙනුවෙන් පුළුල් කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවයි.

මෙතෙක් පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින්, ඉහළ විනයකින් යුතුව රට මෙහෙයවීමේ වගකීම උගත් හා බුද්ධිමත් පිරිසක් වෙත පැවරෙන පරිදි පාර්ලිමේන්තුව සකස් වී ඇති බවත්, නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලබන සිසු පරපුර දැනුමෙන් මෙන්ම යහගුණයෙන්ද පෝෂණය වී, තමන් ලැබූ දැනුම රටේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදාගැනීමටත්, අනාගත නායකත්වයේ වගකීම භාරගැනීමටත් පෙරට පැමිණිය යුතු බවත් කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, අධ්‍යාපනය යනු දරුවෙකුට හුදෙක් දැනුම ලබාදීමකට පමණක් සීමා නොවන බවයි. සමාජයේ අනෙකුත් පුද්ගලයන් සමඟ සහයෝගයෙන් ජීවත් වීමටත්, පරිසරයට ආදරය කිරීමටත්, ආගමික සහ සංස්කෘතික විවිධත්වයන් ඉවසමින් ඒවාට ගරු කිරීමටත් දරුවන් හුරු කිරීම මෙන්ම මානව වටිනාකම්වලින් පිරිපුන් පුරවැසියන් බිහි කිරීමද අධ්‍යාපනයේ අරමුණු අතර වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විෂමතා ඉවත් කරමින් සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපනයක් සහ සමාන අධ්‍යාපන අවස්ථා උදාකරදීම වත්මන් රජයේ අපේක්ෂාව බව සඳහන් කළ අමාත්‍යවරයා, එම අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ජනාධිපති අරමුදල ලබාදෙන දායකත්වයද අගය කළේය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතාද මෙහිදී අදහස් දැක්වීය.

සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්,රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ශාන්ත පත්මකුමාර සුභසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රාජපක්ෂ,නිලූශා ලක්මාලි ගමගේ, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් උපාලි ජයසේකර යන මහත්ම මහත්මීහු ඇතුළු මහජන නියෝජිතයෝද, අදාළ දිස්ත්‍රික් ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීන්ද, ගුරවරුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් ඒක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-11-02

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වරායෙන් ගොඩබාන ගාණටම ඉන්ධන දෙනවයි කියලා ජනතාව රැවැට්ටුවේ ඇයි? විපක්ෂ නායක සජිත්

ජනතාවට සහන දෙන රාජ්‍ය ප්‍රතිපත්තිය වෙනුවට අද රටේ ඇත්තේ මර්දනකාරී රාජ්‍ය ප්‍රතිපත්තියක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 76 වසරක් රටේ සිදු වූ සේවාව ගැන...

කරුණු 14 ක් අනුව ආණ්ඩුව බෞද්ධ විරෝධී ආණ්ඩුවක්- ගම්මන්පිල

2026 නොවැම්බර් 2 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීම ගෝත්‍රිකයි කිවූ බිමල් රත්නායක...

මත්ද්‍රව්‍ය උවදුර පරාජය කරමින් නිරෝගී පරපුරක් බිහි කිරීමට රජයේ විශේෂ අවධානය- අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය සනිටුහන් කෙරේ. "බෝ නොවන රෝගවලින් තරුණ ප්‍රජාව මුදා ගැනීමටත්, මත්ද්‍රව්‍ය උවදුර පරාජය කරමින් ක්‍රීඩාශීලී සහ නිරෝගී පරපුරක් බිහි...

මුරාසි’ කුණාටු තත්ත්වය හේතුවෙන් ධීවරයින්ට විශේෂ අනතුරු ඇඟවීමක්

'මුරාසි' කුණාටු තත්ත්වය හේතුවෙන් ධීවරයින් සඳහා වන විශේෂ අනතුරු ඇඟවීම. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img