Tuesday, November 3, 2026
HomeNEWSරනිල්, අනුරට දුන්නේ බංකොලොත් රටක් නොවෙයි- ෂිරාස් යුනුස්

රනිල්, අනුරට දුන්නේ බංකොලොත් රටක් නොවෙයි- ෂිරාස් යුනුස්

මාලිමා ආණ්ඩුව පැමිණෙන විට රට බංකළොත් වී නොතිබුණු බවත් රට ආර්ථික වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ වන විට ස්ථාවර කර තිබූණු බවත් ඒ නිසා ජනාධිපතිවරණය පැවැත්වීමට හැකි වූ බවත් නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස් මහතා අවධාරණය කරනවා.

ඔහු මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටින්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා විසින් රට ආර්ථික වශයෙන් ස්ථාවර කර තිබූ නිසා ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය රට තුළ තිබූ බවයි.

එය නොදන්නා මහාචාර්යවරියක් මාලිමාවේ විද්වත් සමුළුවේදී අසත්‍යය ප්‍රකාශ සිදු කළ බවද ෂිරාස් යුනුස් මහතා විසින් පෙන්වා දෙනු ලබනවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ෂිරාස් යුනුස් මහතා මෙසේද ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට රට භාර දෙනකොට මේ රටේ සංචිත තිබුනා ඇමරිකානු ඩොලර් බිලියන 6.9 ක්.

තෙල් පෝලිම්, ගෑස් පෝලිමි නැති කරලා රට ආර්ථික වශයෙන් ස්ථාවර කරලා සංචිත වැඩි කරලා රට ආර්ථික වශයෙන් ජාත්‍යන්තරය විසින්ම පිළිගන්න තත්ත්වයකට පත් කරලා ඡන්දෙ තියලා තමයි රට භාර දුන්නේ. ඒක මේ රටේ බහුතරයක් ජනතාව දන්නවා.

ඒ නිසා ඒ මාලිමාවේ මහාචාර්ය විද්වත් තුමියට මම කියන්න කැමතියි රට බංකොලොත් තත්ත්වයක තිබුණ නම් ඒ රටේ ජනාධිපතිවරණයක් පවත්වන්න බැරි බව ඕන පොඩි ළමයෙකුට තේරෙන දෙයක්.

එතකොට මේ මාලිමාවේ විද්වත් මහාචාර්යතුමිය මේ තරම් බොරු කියන්නේ ඇයි?

මාලිමාවේ වේදිකාවේ පච කියන හුඟ දෙනෙක් හිටපු නිසාද එතුමියත් පච කියන්නේ.

ජනතා විමුක්ති පෙරමුණ පන්ති පහක් කරලා තියෙනවා නම් දැනුමක් තියෙන්න එපැයි නේද? අඩුම ගණනේ පහේ පන්තියේ දැනුමක්වත් තියෙන්න එපැයි. ඒ නිසා පච කියන්නේ නැතුව හරි දේ තේරුම් ගන්න කියලා මේ විද්වත් මහාචාර්යතුමියගෙන් මම ඉතාම කාරුණිකව ඉල්ලීමක් කරනවා.

වර්තමාන ආණ්ඩුවට මුදල් නිසියාකාරය වියදම් කරලා රට සංවර්ධනය කරන හැටි තේරෙන්නේ නැහැ.

විශාල මුදලක් සංවර්ධනයට යොදා නොගෙන නැවතත් භාණ්ඩාගාරයට යැවීමට ආණ්ඩුවට සිදුවෙලා තියෙනවා. මේක රට ආපස්සට යෑමක් නොවේද?

දැන් ආපහු තෙල් පෝලිම් ගෑස් පෝලිම් ඇතිවෙලා ඒකට වග කියන්නත් ඕන පහුගිය ආණ්ඩුව ද?

මේගොල්ලන්ට ප්‍රායෝගිකව ජනතා ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බැරි වුණාම පහුගිය ආණ්ඩුවලට චෝදනා කරනවා. ඒක හැමදාම හරි යන්නේ නැති බවත් මම මතක් කරලා දෙන්න කැමතියි. ඒ චෝදනා කිරීම මේ රටේ ජනතාව තවත් පිළිගන්න කැමති නැහැ.

තෙල් පෝලිම් ගෑස් පෝලිම් තියෙන කොට ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ ඉන්නකොට මොනවද නොකිව්වේ අන්න ඒවා දැන් ජනතාවට හොඳටම තේරෙන්න පටන් අරගෙන.

ලෝක අර්බුද තියෙනව නම් ආණ්ඩු වලින් වැඩක් නැහැ කියලා තමයි ජනතා විමුක්ති පෙරමුණ එදා විපක්ෂයේ ඉන්නකොට කිවුවේ. හැබැයි දැන් ඒගොල්ලන් ආණ්ඩුවේ ඉන්නකොට කියනවා ලෝක අර්බුද ගැටලුවක් තමයි කියලා. මේ විහිළු කතා ජනතාවට හොඳටම තේරෙනවා.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාටත් මාලිමාව චෝදනා කරනවා. මං ජනතා විමුක්ති පෙරමුණෙන් අහන්න කැමතියි මහින්ද රාජපක්ෂ මහත්තයාට විරුද්ධව එක පැමිණිල්ලක් ඔයගොල්ලන් පොලිසියට හෝ අදාළ ආයතනයකට කරල තියෙනවද කරලා තියෙනවා නම් කියන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ක්‍රිෂ් නඩුවට අදාළව නාමල් රාජපක්ෂට ඇප

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. නාමල් රාජපක්ෂ...

ගෝලීය අක්ෂි සෞඛ්‍ය සමුළුවට අගමැතිනිය සහභාගී වෙයි

ගෝලීය අක්ෂි සෞඛ්‍ය සමුළුවට අගමැතිනිය සහභාගී වෙයි 2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගී වීම සඳහා ඇන්ටිගුවා සහ බාබුඩා වෙත ගොස් සිටින අග්‍රාමාත්‍ය ආචාර්ය...

විපක්ෂ මන්ත්‍රීවරු සභා ගර්භයේ විරෝධතාවක නිරත වීමත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව විපක්ෂ නායකවරයා ප්‍රශ්න කිරීමෙන් පසු, විපක්ෂ මන්ත්‍රීවරු සභා ගර්භයේ විරෝධතාවක නිරත වීමත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්.

ජනාධිපති අරමුදල ජනතාවගේ අරමුදලක් බවට පත්කිරීම වෙනුවෙන් කැපවූ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමට

ජනාධිපති අරමුදල ජනතාවගේ අරමුදලක් බවට පත්කිරීම වෙනුවෙන් කැපවූසබරගමුව පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමට මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ කඩිනම් සේවාවක් සැපයීම වෙනුවෙන් ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img