Wednesday, November 4, 2026
HomeNEWSකෘෂිකාර්මික සහ ග්‍රාමීය සංවර්ධනයට IFAD සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්

කෘෂිකාර්මික සහ ග්‍රාමීය සංවර්ධනයට IFAD සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ ග්‍රාමීය සංවර්ධනයට IFAD සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක්

2028–2030 කාලසීමාව සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් සඳහා ජාත්‍යන්තර කෘෂිකාර්මික සංවර්ධන අරමුදලේ (IFAD) සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.

මෙහිදී ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු ක්ෂේත්‍ර පිළිබඳව මෙන්ම, කුඩා පරිමාණ ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීම, කෘෂිකාර්මික ඵලදායිතාව වැඩිදියුණු කිරීම, ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳවද අවධානය යොමු විය.

යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී, දැනටමත් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක වන “ප්‍රජාශක්තී” වැඩසටහන සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපති ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම, 2028–2030 කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතාවලට අනුව IFAD සහාය ලබාගැනීම සඳහා රජයේ ප්‍රමුඛතා හඳුනාගැනීමේ වැදගත්කමද අවධාරණය කෙරිණි. ඒ අනුව, අදාළ රාජ්‍ය ආයතන සහ IFAD අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් ඉදිරියේදී ක්‍රියාත්මක කළ හැකි සංවර්ධන ව්‍යාපෘති හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ආචාර්ය ධනුෂ්ක පෙරේරා, IFAD හි දේශීය නියෝජිත Sherina Tabassum මහත්මිය සහ එම ආයතනයේ බෝධි වන්නිආරච්චි, සහ ජානක අමරසිංහ යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-11-04

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ගැන රජයේ විශේෂ අවධානය

සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ නියෝජිතයන් හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්. පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු, එහි ඉදිරි සංවර්ධනය සහ ඊට...

අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා ගණන් කරන්න-නාමල් රාජපක්ෂ

අපි දැන් බලන් ඉන්නෙ තුන්වෙනි අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා ගණන් කරන්න.-නාමල් රාජපක්ෂ ආවේ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටලයිස් කරනවා කියලා. හැබැයි දැන් තෙල් පෝලිම,...

PSTA – PTA පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරය පාර්ලිමේන්තුව පිවිසුම් මගෙහි විරෝධතාවයක

" රාජ්‍ය ත්‍රස්තවාදී PSTA - PTA පනත් ඉරා දමනු ! ජනතාව අපරාධකරුවන් කරන OCA ඉරා දමනු ! " යන සඨන් පාඨ මූලික කරගනිමින් ජන...

මාලිමා ආණ්ඩුව වමට සිග්නල් දමා දකුණට යනවා- විපක්ෂ නායක සජිත්

වමට සිග්නල් දමා දකුණට යන නව ලිබරල්වාදී මාලිමාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන එකින් එක අනාවරණය කරනවා- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කරයි ඉස්සර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img