Monday, November 9, 2026
HomeNEWSවෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම...

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ.

ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ මහජන යහපත උදෙසා යොදාගැනීමේ ජාතික වැඩපිළිවෙළට මෙය කදිම නිදසුනක් – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෘජු දායකත්වය යටතේ නවීකරණය කරන ලද මාලඹේ පිහිටි ‘වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල’ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) නිල වශයෙන් විවෘත කෙරිණි. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ආරාධනයකට අනුව අමාත්‍යවරයා මෙම අවස්ථාවට එක් වූ අතර, භාවිතයට නොගන්නා සහ ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ ජනතා යහපත උදෙසා ප්‍රශස්ත ලෙස යොදාගැනීමේ රජයේ වැඩපිළිවෙළට මෙම පියවර විශිෂ්ට ආදර්ශයක් බව ඒ මහතා එහිදී අවධාරණය කළේය.

ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ කැබිනට් යෝජනාවකට අනුමැතිය හිමිවීමෙන් පසු මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ. ඒ අනුව 2017 වසරේ සිදු වූ පවරා ගැනීමෙන් පසු වසර අටක් තිස්සේ පැවැති තාවකාලික පාලන ක්‍රමය වෙනුවට, නව දෙමුහුන් (Hybrid) මෙහෙයුම් රාමුවක් යටතේ රෝහලේ අයිතිය මහා භාණ්ඩාගාරයට 100%ක් හිමි සමාගමක් යටතට පවරා, එහි දෛනික මෙහෙයුම් වගකීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා දී ඇත.

ගුවන් හමුදාවේ විශේෂඥතාව, වෘත්තීය ප්‍රමිතීන් සහ කාර්යක්ෂම පරිපාලනය යොදාගනිමින් ගුවන් හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සමීපතමයන්ට මෙන්ම සමස්ත මහජනතාවට ද උසස් සෞඛ්‍ය සේවාවක් ලබාදීම මින් අපේක්ෂා කෙරේ. මෙහි මෙහෙයුම් කටයුතු ප්‍රධාන විධායක නිලධාරී එයාර් කොමදෝරු නීලුකා අබේසේකර මහත්මියගේ නව පරිපාලනය යටතේ ක්‍රියාත්මක වීමට නියමිතය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සිය සාමාජිකයින් වෙනුවෙන් විශේෂිත වූ රෝහලක අවශ්‍යතාවක් දිගු කලක පටන් පැවති අතර, මෙම නව පියවර හරහා ගුවන් හමුදාවටම සුවිශේෂී වූ රෝහලක් හිමිවීම මෙහි ඇති ප්‍රමුඛතම ජයග්‍රහණයක් බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ ගත් මෙම තීරණය හරහා, ලක්ෂ 50 කට ආසන්න ජනගහනයක් වෙසෙන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට, විශේෂයෙන් කඩුවෙල, අතුරුගිරිය සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශවල ජනතාවට පවතින තෘතීයික මට්ටමේ සෞඛ්‍ය සේවා හිඟයට මෙම රෝහල විසඳුමක් වනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සමරු ඵලකය නිරාවරණය කර රෝහල නිල වශයෙන් විවෘත කිරීමෙන් අනතුරුව, පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් රෝහල් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූහ.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, දිවංගත වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ බිරිඳ ස්වර්ණමාලි ප්‍රනාන්දු මහත්මිය, හිටපු ගුවන් හමුදාපතිවරුන්, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය අංශය
2026-11-09

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්

​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්. ​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 08 වන දින කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ...

කොළඹ ගං වතුරෙන් ජනතාවට වුණු පාඩුවට ආණ්ඩුවෙන් වහාම වන්දි ලබාදිය යුතුයි-ගම්මන්පිල

2026 නොවැම්බර් 9 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් ඉතිහාසයේ කිසිම දිනක නොවුණු අයුරින් පසුගිය සිකුරාදා, ඒ...

ගිං ගඟේ ජල මට්ටම ඉහළට..තවලම, හිනිදුම, බද්දේගම, නාගොඩ, දිවිතුර යන ප්‍රදේශවල පහත් බිම්වලට සුළු ගං වතුර තත්ත්වයක්

ගිං ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් තවලම, හිනිදුම, බද්දේගම, නාගොඩ, දිවිතුර යන ප්‍රදේශවල පහත් බිම්වලට සුළු ගං වතුර තත්ත්වයක්; අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව...

ආණ්ඩුව මර්ධනකාරී අණපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක-සාගර කාරියවසම්

වත්මන් ආණ්ඩුව මර්ධනකාරී අනපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක..........   ලංකාවේ සොරකම් නතර කර, පොහොසත් රටක්, සශ්‍රීක රටක් නිර්මාණය කිරීමට පැමිණි වත්මන් ආණ්ඩුව මෙතෙක් සිටිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img