APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්
33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.
මෙම සමුළුව සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව, 2026 APEC සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළා.
මෙම සූදානම් කිරීමේ කාර්යයේදී Guangdong පළාතේ සුවිශේෂ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, හරිත බලගැන්වීම අවධාරණය කර ඇති අතර, පාරිසරික ශිෂ්ටාචාර සංකල්පය දැඩි ලෙස ක්‍රියාත්මක කර තිබීම විශේෂත්වයක්. එසේම පරිශ්‍ර අලංකරණය, කලා ප්‍රසංග සහ ආහාර සැපයුම් සේවා ඇතුළු උත්සවයේ විවිධ අංශ, කැපී පෙනෙන සාම්ප්‍රදායික චීන සංස්කෘතිකාංග සමග ඒකාබද්ධ කර ඇති බවයි වාර්තා වන්නේ. තවද, පිළිගැනීමේ සේවා සහ නගරයේ සංචාර ඇතුළු සියලුම අංශවලට කෘත්‍රිම බුද්ධිය වැනි ඩිජිටල් තාක්ෂණයන් ඇතුළත් කර ඇති බව ද වාර්තා වනවා.






















