Sunday, November 15, 2026
HomeNEWSසෞඛ්‍ය හා අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කළේ මෙවර අයවැයෙන් -අමාත්‍ය වෛද්‍ය...

සෞඛ්‍ය හා අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කළේ මෙවර අයවැයෙන් -අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ.

සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා මෙවර අයවැයෙන් ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රතිපාදන වෙන් කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයී.

සුවහසක් වෛද්‍ය සිසුන්ගේ නැණැස පාදන්නටත්, සුවපත් දැයක් උදෙසා නව මාවත් විවර කරන්නටත් ජාත්‍යන්තර ප්‍රමිතියෙන්, නවීන පහසුකම්වලින් යුක්තව ඉදි වූ රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය (Professorial Ward Complex – PWC) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

මෙවර අයවැයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා රුපියල් බිලියන 740ක් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා රුපියල් බිලියන 710ක් වශයෙන් ඉතිහාසයේ මෙතෙක් වෙන් කළ වැඩිම මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙන බව මෙහිදී පැවසූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා 2019 වසරේදී රුපියල් මිලියන 1,300ක මූලික ඇස්තමේන්තුවකින් ආරම්භ කළ ගාල්ල ජාතික රෝහලේ මහාචාර්ය ඒකකය අවසානයේ රුපියල් මිලියන 2,808ක වියදමින් නිම කිරීමට සිදු වූ බව ද පැවසීය.

මීට අමතරව ගාල්ල ජාතික රෝහලේ තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සඳහා රුපියල් මිලියන 8,500ක් (කෝටි 850ක්) වැය කෙරෙන බවත්, සබරගමුව, බදුල්ල සහ කළුතර යන වෛද්‍ය පීඨවල ද නව මහාචාර්ය ඒකක ආරම්භ කරන බව ද පැවසීය.

රෝහල් සඳහා අවශ්‍ය නවීන වෛද්‍ය උපකරණ (MRI, Linac යන්ත්‍ර ඇතුළුව) මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් බිලියන 21.5ක දැවැන්ත මුදලක් වෙන් කර ඇති බව ද අතරමග නතර වී තිබූ සියලුම රෝහල් ගොඩනැගිලි ඉදිකිරීම් 2028 වසර වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට රජය සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මහල් දහයකින් සමන්විත මෙම නවීන වාට්ටු සංකීර්ණය තුළ වෛද්‍ය, ශල්‍ය, මනෝචිකිත්සක සහ විශේෂිත නාරිවේද වාට්ටු සඳහා වෙන් කළ ඇඳන් 300ක ධාරිතාවක්, ඇඳන් 8කින් යුත් දැඩි සත්කාර ඒකකයක් (ICU), නවීන පහසුකම් සහිත ශල්‍යාගාර 3ක්, බාහිර රෝගී සායන කාමර 8ක් සහ විශේෂිත සායනික විභාග ශාලාවක් ඇතුළත් වේ.

උසස් අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමකට අනුව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ භූමි දායකත්වයෙන් මෙම ඉදිකිරීම සිදු කර ඇති අතර, එහි ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය විසින් සිදු කර ඇත.

රජයේ වාර්ෂික අයවැය ප්‍රතිපාදන යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය (RUMSAA) සහ පරිත්‍යාගශීලීන් දැක්වූ දායකත්වය දක්වා ඇති අතර, චීනයේ ගුවැන්ෂු නගරයේ චීන මහා බුද්ධ විහාරයේ අනුග්‍රහය සහ කොන්සියුලර් කාර්යාලයේ සම්බන්ධීකරණය මත වාට්ටු, ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකකය සඳහා අත්‍යවශ්‍ය රෝහල් ඇඳන් ලබා දී ඇත. මීට අමතරව, ආදි වෛද්‍ය විද්‍යාර්ථීන්ගේ කණ්ඩායම් විසින් ප්‍රවේශ ශාලාව, සායන කාමර, විභාග ශාලාව සහ වෛද්‍ය වාට්ටු සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ පරිත්‍යාග කර ඇති අතර, එහි වටිනාකම රුපියල් මිලියන 25 ඉක්මවයි.

තවද, ජාත්‍යන්තර සිංහ සමාජය හරහා එක් ශල්‍යාගාරයක් සම්පූර්ණයෙන් සන්නද්ධ කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 150,000ක පරිත්‍යාගයක් ලබා දීමට එකඟ වී තිබේ.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා 2017 වසරෙන් පසු සිදු නොකළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩල සමාලෝචනය (Cadre Review) සිදු කර ඇති අතර, ඉදිරි වසර තුන සඳහා වෛද්‍යවරුන් 7,000ක පමණ අනුමැතිය ලබා ගැනීමට නියමිත බව ද පැවසීය.

සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 1,472කට පත්වීම් ලබා දීමට නියමිතව ඇති නමුත්, පවතින අධිකරණ ක්‍රියාමාර්ගයක් අවසන් වූ වහාම ඔවුන් ඇතුළු 2,000කට ආසන්න පිරිසකට කඩිනමින් පත්වීම් ලබාදීමට හැකිවනූ ඇති බව ද එමෙන්ම හෙද නිලධාරීන් 3,000කට සහ උපාධිධාරීන් 500කට ද නව පත්වීම් ලබා දීමට කටයුතු යොදා ඇති බව ද පැවසීය.

මෙම අවස්ථාවට රුහුණු විශ්වවිද්‍යාලයීය කුලපති ආචාර්ය අකුරැටියේ නන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර, දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු, අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් G.M.R.D. අපොන්සු, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) ඩබ්ලිව්.කේ වික්‍රමසිංහ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ජේෂ්ඨ මහාචාර්ය K. L. වසන්ත කුමාර, රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය P.A. ජයන්ත, ගාල්ල ජාතික රෝහලේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය P. L. අතපත්තු, ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ත්ව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ.එම්. ධර්මරත්න, රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ජේෂ්ඨ මහාචාර්ය විජිත ද සිල්වා ඇතුළු පීඨාධිපතිවරුන් උපකුලපතිරුන්,ජේෂ්ඨ මහාචාර්යවරුන් ද සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරීන් ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img