විදේශ සබඳතාවලදී මැදුම් පිළිවෙතක් අනුගමනය නොකිරීම හේතුවෙන් අතීත රජයන් අසාර්ථක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා (න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී අද (23) ප්‍රකාශ කළේය.
2027 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ෆයිසර් මුස්තාෆා මහතා,
“කිහිපවරක් අපේ වැරැදි විදේශ ප්‍රතිපත්තිය නිසා අපේ රට වන්දි ගෙවා තිබෙනවා. සිරිමාවෝ මැතිණිය අපේ රටට නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හදුන්වා දුන්නා. කාලයක් අපේ රටට පරිප්පු දැම්මා. විදේශ සබඳතා සමඟ රජයන් මැදුම් පිළිවෙතක් අනුගමනය නොකළ නිසා අසාර්ථක වුණා. අද වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟත් සාකච්ඡා කරනවා. චීනය තමයි ශ්‍රී ලංකාවේ විශාලම ආයෝජකයා. විදේශ සබඳතා තරකරගෙන හොඳින් මේ ගමන රැගෙන යන්නේ නම් සාර්ථක වෙනවා. මේ ආණ්ඩුව වැඩපිළිවෙල කරගෙන යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිසයි. ජනගහනයෙන් සියයට 10 ක් විදේශ රටවල සේවය කරනවා. ඇතැමුන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙනවා. අපේ ලාංකිකයන්ට නීතිමය සහාය ගන්න නොහැකිව සිටිනවා. අපේ විදේශ ශ්‍රමිකයන් විශාල සේවයක් කරනවා. අපිට පනතකින් සම්මත වුණු අරමුදලක් අවශ්‍ය වෙනවා. ඒ අනුව ඔවුන් නීතිමය සහාය ලබාදිය යුතු වෙනවා. අපේ ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටළු සඳහා මැදිහත් වියයුතු වෙනවා. තානාපති කාර්යාල ශක්තිමත් කළයුතු වෙනවා.
ක්ෂණික විසදුම් අවශ්‍ය වෙනවා. තානාපති කාර්යාලවල සහාය සේවකයන් අවශ්‍ය වෙනවා. සංඛ්‍යාත්මකව සංචාරකයන් වැඩිකර වැඩක් නැහැ. දකුණේ සුද්දන් අරුගම්බේ හෝටල් කරනවා. ලංකාවේ රැකියාවක් ලබාගන්න හෝටල් කිරීම නතර කළයුතු වෙනවා. විදේශිකයන් පැමිණ ලංකාවේ හෝටල් ආරම්භ කොට වෙන්ත රටවල කෑෂ් බැංකු තිබෙනවා.ඔවුන් මුදල් යවන්නේ ඔවුන්ගේ රටවලට.ඒ නිසා ශ්‍රී ලංකාවේ සංචායක හෝටල් වල රැකියා කිරීම සඳහා විදේශිකයින් ගෙන්වා ගැනීම නතර කළයුතුයි.එම අවස්ථාව ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ලබාදීමට ක්‍රියා කළ යුතුයි ඒ නිසා මූල්‍ය තත්ත්වය පිළිබඳ ගැටළු තිබෙනවා. අපේ හෝටල් පාසල දියුණු කළයුතු වෙනවා. ප්‍රාදේශිය මට්ටමින් හෝටල් පාසල් ඇතිකළ යුතු වෙනවා. මේ නිසා අපේ රැකියා ප්‍රශ්නයට හොදම විසඳුම වෙනවා. මාස හයකින් පුහුණුවක් ලබාදී රැකියාවක් ලබාදෙන්න පුළුවන්. අපේ සංචාරක ක්ෂේත්රය සංඛ්‍යාත්මකව නොව මූල්‍ය තත්ත්වය අතින් සවිමත් කළයුතු වෙනවා. සංචාරක ව්‍යාපාරයේ ගුණාත්මක බවද ඒ සඳහා බලපානවා. මැදපෙරදිග සම්බන්ධයෙන් උනන්දුවක් දැක්විය යුතු වෙනවා. අපේ රටේ පිහිටීම අනුව එය සොයා බැලිය යුතු වෙනවා. මේ සම්බන්ධයෙන් අපි හොඳ ප්‍රචාරයක් ලබාදිය යුතු වෙනවා” පැවසීය.






















