Monday, November 23, 2026
HomeNEWSඅනෝජන්ට සමාව දුන්නා වාගේ ඥානසාර හිමියන්ටත් සමාව දෙන්න-නාමල් රාජපක්ෂ

අනෝජන්ට සමාව දුන්නා වාගේ ඥානසාර හිමියන්ටත් සමාව දෙන්න-නාමල් රාජපක්ෂ

මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු ඉටුනොකර රටේ ජනතාවට බොරු කළා පමණක් නොව වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරයටත් බොරු කියන තත්ත්වයට පත්ව තිබෙන බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා (ශ්‍රී.පො.පෙ) පාර්ලිමේන්තුවේ දී අද (23) ප්‍රකාශ කළේය.

2027 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ මහතා,

“පසුගිය වසරේ අයවැයෙන් බිලියන දෙකක් විදේශ අමාත්‍යාංශයට වෙන්කර තිබෙනවා. නමුත් මිලියන 420 ක් පමණයි වියදම් කර තිබෙන්නේ. ඉතිරි ප්‍රමාණය ඉතිරිය ලෙස කතා කරනවා. සංචාරක ව්‍යාපාරියේ යටිතල පහසුකම් දියණු කරන්න අවශ්‍යයි. මේ රටේ විදේශ ප්‍රතිපත්තිය ගැන ආණ්ඩුවට අවබෝධයක් නැහැ. මාතෘකා අනුව විදේශ ප්‍රතිපත්තිය වෙනස් වී තිබෙනවා. ඉරාන නෞකාවකට අපේ මුහුදු තීරයේ පහරදීමක් වුණා. නමුත් නොබැදි විදේශ ප්‍රතිපත්තිය තුළ එහි කාර්ය මණ්ඩලය බේරා ගන්න කටයුතු කළා. ඒ ගැන සතුටු වෙනවා. නමුත් මේ සිද්ධිය ගැන අපි දැනගෙන සිටියා ද. එහෙම නැතිනම් අපේ මුහුදු තීරය ගැන අවබෝධයක් තිබෙනවා ද. අද ආර්ථික ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්තිය සහ ජාතික ආරක්ෂාව එකට බද්ද වී තිබෙනවා. අපේ විදේශ ප්‍රතිපත්තිය තුළ මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න තිබෙන ප්‍රතිපත්තිය කුමක් ද.

ආයෝජකයන් ගේන්න කටයුතු කරනවාද. අලුත් වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පැවසුවා. නමුත් අද වනතුරු වෙළඳ ගිවිසුම් අලුත් කරන්න ක්‍රියාමාර්ග ගෙන නැහැ. මේ ආණ්ඩුව බලයට පැමිණි විගස අදානි හරවා යවුවා. චීන සමාගම් යවුවා. එක් එක් අය සතුටු කරන්න ගිවිසුම් අත්සන් කරනවා. මැතිවරණ කාලයේ ලබාදුන් පොරොන්දු ඉටුනොකර රටේ ජනතාවට බොරු කළා පමණක් නොව ජාත්‍යන්තරයටත් බොරු කියන තත්ත්වයට පත්ව තිබෙනවා. ඇතැම් රටවලට තානාපතිවරුන් පත්කර ගන්න නොහැකි වී තිබෙනවා. විදේශ රැකියා සම්බන්ධයෙන් ගැටළු තිබෙනවා. ඒ සඳහා මැදිහත් වෙන්න. අලුත් වෙළඳපොල සොයා ගතයුතු වෙනවා. නව රැකියා වෙළඳපොලවල් සොයා ගතයුතු වෙනවා. ඒ සඳහා මැදපෙරදිග ප්‍රශ්නය කියලා වැඩක් නැහැ. අනෝජන් ශිවරාසාගේ මරණ ඉවත්කර ගන්න සාධණීය පියවර ගත්තා. ඒ ගැන අපි සතුටු වෙනවා.

ඥානසාර හිමියන්ටත් තිබෙන්නේ ඒ චෝදනාවයි. ඒ් අනුව උන් වහන්සේටත් සමාව ලබාදෙන්න කියා ඉල්ලනවා. ඒ සඳහා මැදිහත් නොවෙනවා නම් එය හුදෙක් දේශපාලන කාරණයක් පමණයි. මේ රටට එන සංචාරකයන්ගෙන් අපේ රටට අපේක්ෂිත ආදායම ලැබනෙවා. ඒ ගැන සොයා බැලිය යුතු වෙනවා. මේ ආණ්ඩුව තමන්ට වාසිදායක සූත්‍ර යොදා ගන්නවා. සංචාරක ව්‍යාපාරයන් ලංකාවට හිමිවන ආදායම වැඩිකරන්න පියවර ගතයුතු වෙනවා. සංචාරක ව්‍යාපාරයේ දැවැන්ත පරාසයක් තිබෙනවා. නමුත් ආණ්ඩුව ගණුදෙනු කරන්නේ ඉහළ මට්ටමේ පිරිසක් සමඟ පමණයි. මේ රටේ කම්කරු ව්‍යාපාරයට ඇහුම්කන් දෙන්න කියා ඉල්ලනවා” පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගෝලීය ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සමාජයේ (GLEC) පළමු දැක්ම දිලිත් ජයවීර මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් ජපානයේදී

ශ්‍රී ලාංකේය ව්‍යවසායකත්වය ඊලග තලයට ඔසවා තබන ගෝලීය ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සමාජයේ (GLEC) පළමු දැක්ම අති සාර්ථකව ජපානයේ Tsukuba Nikko Hotel දී ඊයේ...

ගලධාරි හෝටලය ‘Radisson Blu’ ලෙස ඇමති විජිතගේ ප්‍රධානත්වයෙන් සන්නාමගත කෙරේ

අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් නවීකරණය වූ ගලධාරි හෝටලය ‘Radisson Blu’ ලෙස සන්නාමගත කෙරේ කොළඹ කොටුව ගලධාරි හෝටලය නවීකරණයෙන් අනතුරුව ‘ Radission Blu Hotel Galadari Colombo’...

මෙරට හෝටල් ක්ෂේත්‍රයේ රැකියා විදේශිකයින්ට ලබාදීම නතර කළ යුතුයි- ෆයිසර් මුස්තාපා

විදේශ සබඳතාවලදී මැදුම් පිළිවෙතක් අනුගමනය නොකිරීම හේතුවෙන් අතීත රජයන් අසාර්ථක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා (න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී අද (23) ප්‍රකාශ කළේය. 2027...

උද්ධමනය 8.5%ක් දක්වා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව සැප්තැම්බර් මස 8.1%ක්වූ උද්ධමන අනුපාතය ඔක්තෝබර් මාසයේදී 8.5%ක් දක්වා ඉහළට.සැප්තැම්බර් මාසයේ 6.9 %ක්වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබර් මාසයේදී 7.2%ක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img