රජය ජාතික ආරක්ෂාවයි ප්‍රජාතන්ත්‍රවාදයයි ස්ථාපිත කරනවා කිව්වත් ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා නම් රට ගෙන යනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන කියන විට රටකට ජාතික ආරක්ෂක පනතක් අවශ්‍ය බවත් එය නිර්මාණය විය යුත්තේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් බවත් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව එය සකස් විය යුතු බවත් ඇමෙරිකා එක්සත් ජනපදටයේ 9/11 ප්‍රහාරයෙන් පසු ඇති කළ කොමිසම විසින් හෝම්ලැන්ඩ් කමිෂන් එකක් ස්ථාපිත කළ බවත් සංවිධානාත්මක අපරාධ විනාශ කරන පනතක් අවශ්‍ය වුවත් එය මානව හා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවිය යුතු බවත් එම නිසා මෙවැනි මර්දන පනත්වලට සහාය දෙන්න නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ මර්දනකාරී පනත් තුළින් රජය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති පොරොන්දු කඩ කිරීම නිසා ජනතාවගේ නැගිටීමෙන් ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම මිස රට ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීම නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම ප්‍රජාතන්ත්‍රවාදය කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඒකාධිපති ආඥදායක ඒක පක්ෂ පාලනයක් නම් දෝරේ ගලන බවත් අප රටට අවශ්‍ය වන්නේ විධිමත් ජාතික ආරක්ෂක යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම බවත් අද වන විට දේශීය හා ගෝලීයව අනාරක්ෂිත තත්ත්වයක් නිර්මානය වන නිසා ශක්තිමත් ජාතික ආරක්ෂක යාන්ත්‍රණයක් සකස් කිරීම සේම National Intelligence Brifing එකක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ දින පාර්ලිමේන්තුවේ දී ජාතික ආරක්ෂාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය හා එක්වෙමිනි.
සම්ප්‍රදානුකූලව ජාතික ආරක්ෂාව යනු මිලිටරි ආරක්ෂාව වුවත් අද වන විට පටු නිර්වචනයක් නුසුදුසු බවත් එයට මිලිටරි ආරක්ෂාව භූදේශපාලන ආරක්ෂාව සේම ආර්ථිකය සෞඛ්‍ය අධ්‍යාපනය ජීවනෝපාය කෘෂිකර්මාන්තය කර්මාන්ත හා සේවා පද්ධතිය ඇතුළු සෑම පද්ධතියකින්ම දළ දේශීය නිෂ්පාදනයට දක්වන දායකත්වය ජාතික ආරක්ෂාවට අයත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජාතික ආරක්ෂාව යනු බහුමාන විෂයක්
අප රට 2022 බංකොලොත් වූ පසු එය ආර්ථික ප්‍රශ්නයක් වුවත් එහිදී ජාතික ආදායම බිද වැටි ආරක්ෂක මෙවලම් අනාරක්ෂිත වී බරපතළ අවදානමකට පත්වූ බවත් අප රටේ සෛරීත්වය භෞමික අඛණ්ඩතාවට මරු පහරක් එල්ල වු බවත් ජාතික ආරක්ෂාව යන විෂය බහුමාන තත්ත්වයකට නිර්මාණය වී ඇති බවත් ජාතික ආරක්ෂාව දෙස බැලිය යුත්තේ ඒ ආකාරයට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අපි එදත් අදත් හෙටත් ජාතිභේදය ආගම්භේදයට ආගම්වාදයට විරුද්ධයි
ජාතිවාදය ජාතිභේදය ආගම්වාදය ආගම්භේදය සත්‍ය වශයෙන්ම ජාතික ආරක්ෂාවට බලපන නිසා ජාතිවාදයට ජාතිභේදයට ආගම්වාදයට ආගම්භේදයට ඉඩ නොතැබිය යුතු බවත් ඉන්දු ලංකා ගිවිසුම කේන්ද්‍ර කර ගෙන පළාත් සභා ක්‍රමය කේන්ද්‍ර කර ගෙන ජාතිවාදයේ කප්පිත්තෝ බවට පත්වු අය ගැන හැමෝම දන්නා බවත් එම නිසා සභාවේ විකෘතියෙන් ප්‍රකෘතියෙන් කරුණු ඉදිරිපත් කරන අය ගැන හැමෝම දන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආරක්ෂක අංශ ගැනත් අපි සොයා බැලිය යුතුයි
ජාතික ආරක්ෂාව ගැන සම්මුතියක් ජාතික එකගතාවක් තිබිය යුතු බවත් ජාතික ආරක්ෂාව නීතිය හා සාමය මහජන ආරක්ෂාව තහවුරු කරන ආරක්ෂක අංශවල සෑම දෙනාටම හොඳ මානසිකත්වයක් ලබා දිය යුතු බවත් ඒ අය දිරිගැන්විය යුතු බවත් වේතනය දීමනා සහන සුබසාධනය පුහුණුව ආදියෙන් ජාතික ආරක්ෂක ක්ෂේත්‍රයේ සුහුරු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කළ යුතුයි
නීතිය හා සාමය ආරක්ෂා කරන්න සහය දෙන බවත් කුඩු ජාවරම මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කළ යුතු බවත් මත්ද්‍රව්‍ය ජාවාරම භයංකාර ලෙස පාසල් පද්ධතියට ඇතුළත් වී ඇති නිසා මේ ගැන දැඩි අවධානයක් යොමු කර ප්‍රජා පොලිස් සංකල්පය ශක්තිමත් කර මේ මත්ද්‍රව්‍ය ජාවාරම අප රටෙ දරු පරපුර බිලි ගන්නා උවදුරින් බේරාගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සිවිල් ආරක්ෂක කමිටුවලට පැලවත්තේ ලිස්ට් එක එවල ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැහැ
සිවිල් ආරක්ෂක කමිටුවලට පැලවත්තේ ලිස්ට් එකෙන් පත් කර ප්‍රජා පොලිස් කමිටු ශක්තිමත් කරන්න නොහැකි බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය නිවැරදිව ක්‍රියාත්මක කළ යුතු බවත් බිය නොවී සෑම පාර්ශ්වයක්ම මේ සිවිල් ආරක්ෂක කමිටුවලට පත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
අදටත් ආබාධිත රණවිරුවන් ගැටලු රැසක
ආරක්ෂක අංශයන්හි ඇති ගැටලුවලට විසදුම් දිය යුතු බවත් ආබාධිත රණවිරුවන් පවා දුකින් ඉන්න නිසා මේ ආරක්ෂක අංශ වෙනුවෙන් කැපවු ත්‍රිවිද හමුදා පොලිසිය සිවිල් ආරක්ෂක අධිකාරිය වෙනුවෙන් වෙනමම දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කර විවිධ තලවල ඇති විෂමතා ඌනතා මගහරවා ගන්නට සෑම අංශයකම සුබසාධනය ක්‍රියාත්මක කරන්න නව වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.






















