Friday, September 11, 2026
HomeNEWSLatest Newsකුරුණෑගල ජාතික උරුමය වැනසූ චූදිතයින්ට දෙන දඩුවම මොකක්ද කියලා අපි අගමැතිගෙන් අහනවා...

කුරුණෑගල ජාතික උරුමය වැනසූ චූදිතයින්ට දෙන දඩුවම මොකක්ද කියලා අපි අගමැතිගෙන් අහනවා යැයි සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත

කුරුණෑගල ජාතික උරුමය වැනසූ චූදිතයින්ට දෙන දඩුවම මොකක්ද කියලා අපි අගමැතිගෙන් අහනවා යැයි සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත

මහ මැතිවරණයට සමගාමීව සමගි ජනබලවේගය සංවිධානය කරන මහජන හමු මාලාවේ අනුරාධපුර මහජන හමුවලට සහභාගී වූ සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රදේශයේ ජනතාවගෙන් හිමිවූයේ උණුසුම් ප්‍රතිචාරයකි.එම සියලු ජනහමු වලට විශාල පිරිසක් එක්ව සිටිනු දැකිය හැකි විය.

ඒ මහතා මෙසේද කීය.

“අනුරාධපුරය දිස්ත්‍රික්කය පුරාම විශාල ගැටළු රැසක් තිබෙනවා. එක පැත්තකින් වන අලි ගැටලුව උග්‍රයි.එය විසදිය යුතුයි. අනෙක් පැත්තෙන් මේ ප්‍රදේශයේ තිබෙන වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරලා කෘෂිකර්මාන්තය නැංවීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි. මේ ප්‍රදේශයේ රැකියා  විරහිතභාවය උග්‍ර විදිහට තිබෙනවා. ඔවුන් වෙනුවෙන් කර්මාන්තශාලා ගොඩනඟලා රැකීරක්ෂා සලසාදීමට කටයුතු කළයුතුයි.ඒ  වගේම මේ ප්‍රදේශයේ ජනතාවගේ අස්වනු අලෙවි කරගන්න වගේම අනෙකුත් අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න ආර්ථික මධ්‍යස්ථානයක් අවශ්‍යතාවය තිබෙනවා.ඒ විතරක් නෙවෙයි, දේශපාලන පළිගැනීම්වලට ලක්වූ විශාල පිරිසක් මේ ප්‍රදේශයේ ඉන්නවා. මේ ආණ්ඩුවේ කඩවුණු පොරොන්දුවක් වූ පොහොර ගැටලුවත් උග්‍ර ලෙස මේ ප්‍රදේශයේ ජනතාවට තිබෙනවා. මේ සියලු ගැටලු නිමා කර, ඔබේ ජන ජීවිතය ගොඩ නැංවීමේ වගකීම සමගි ජන බලවේගය බාරගන්න බව මම තමුන්නාන්සේලාට කියනවා. 

අපි මේ රට ගොඩ නගන්න නව  වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. ඒ තමයි “ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය  වැඩසටහන.ඒ යටතේ ගම හදා නගර හදා රට ගොඩනගන වැඩපිළිවෙළ අපි ආරම්භ කරනවා.

මිත්‍රවරුනි , තමුන්නාන්සේලා පහුගිය දවස් කීපය තුල දකින්න ඇති ජාතික උරුමය රකින, සංස්කෘතිය සුරකින, දේශප්‍රේමී ආණ්ඩුවේ මහලොකු කෙරුවාව. දෙවැනි බුවනෙකබාහු රජතුමාගේ රාජ සභා මණ්ඩපය පිහිටලා තිබුණේ  පිහිටලා කුරුණෑගල නගර මධ්‍යයේ. පහුගියදා  කුරුණෑගල පොහොට්ටුවේ නගරාධිපති ඇතුළු සහචරයෝ  කණ්ඩායම ඒ රාජ සභා මණ්ඩපය විනාශ කරලා දාලා. ඒක පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ඓතිහාසික රාජ සභා මණ්ඩපයක්. සංස්කෘතික උරුමයක්. පෞරාණික ස්ථානයක්. 

මේ ආණ්ඩුව බලයට ආවේ සංස්කෘතික උරුමය රකිනවා කියලා. එහෙම ආපු ආණ්ඩුව යටතේ මේ රටේ ඓතිහාසික, පෞරාණික, සංස්කෘතික උරුමයන් විනාශ වෙනවා.මොකක්ද මේ ආණ්ඩුව .

 මේකෙ අරුම පුදුම කාරණය ඒක නෙවෙයි. මේ රටේ බුද්ධශාසන අමාත්‍යවරයා අගමැති. මේ රටේ සස්කෘතික ආමාත්‍යවරයා අගමැති.  එතුමා මේ වතාවේ මැතිවරණයට තරග කරන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එතුමාගේ ඇස් දෙක ඉස්සරහ, එතුමත් සැරිසරන කුරුණෑගල,මහ මැතිවරණයට ඉල්ලන කුරුණෑගල, එතුමාගෙම පක්ෂ නගරාධිපතිවරයා ඓතිහාසික ජාතික උරුමය විනාශ කරලා දමනවා. අපි අහනවා, ජාතික උරුමය විනාශ කරපු චූදිතයින්ට මේ දේශප්‍රේමී කියන අගමැතිවරයා දෙන දඬුවම මොකක්ද කියලා. ඔබතුමා සංස්කෘතික ඇමැතිතුමා.ඔබතුමා බුද්ධශාසන ඇමතිතුමා . ඔබතුමා අගමැති තුමා. ඔබතුමා දැනගෙන ද මේ රාජ සභා මණ්ඩපය විනාශ කළේ. මේ වෙනකොටත් ඒකට විරුද්ධව පරීක්ෂණ නියමිත විදිහට වෙලා නෑ. පාරක් පලල් කරන්න  කියලා මේ ඓතිහාසික උරුමය විනාශ කරල දානවා. එහෙම විනාශ කරපු ආණ්ඩුව තමයි අපේකම ගැන කතා කරන්නේ.ඒ ආණ්ඩුව තමයි දේශීයත්වය ගැන කතා කරන්නේ.ඒ ආණ්ඩුව තමයි සංස්කෘතික උරුමය ගැන කතා කරන්නේ. 

මේක තමයි මිත්‍රවරුනි ප්‍රෝඩාකාරී දේශප්‍රේමීත්වය. මේක තමයි කාඩ්බෝඩ් දේශමාමකත්වය. මේක තමයි රට රවටන ජාතිමාමකත්වය.

      මිත්‍රවරුනි මම කියන්න කැමතියි, මේ රටේ තිබෙන ජාතිමාමක ම දේශපාලන ව්‍යාපාරය සමගි ජනබලවේගය . අපේ රටේ තිබෙන දේශහිතෛෂීම දේශපාලන ව්‍යාපාරය සමගි ජනබලවේගය . අපි මේ රටේ ජාතික උරුමයන්ට, මේ රටේ සංකෘතික  උරුමයන්ට, මේ රටේ සදාචාරයට සභ්‍යත්වයට වගේම මේ රටේ ජාතික එකමුතුවට ගරු කරන දේශපාලන ව්‍යාපාරය සමගි ජනබලවේගය . 

අපි අග්‍රාමාත්‍යවරයාට බල කරනවා වහාම මේ ජාතික උරුමය විනාශ කරපු නගරාධිපතිවරයා ව ඉවත් කරන්න. වහාම මේ නගරාධිපතිවරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. වහාම මේ නගරාධිපතිවරයා පක්ෂයෙන් එලවලා පෙන්නන්න. මේ රටේ බුද්ධ ශාසන ඇමැති හැටියට, මේ රටේ සංස්කෘතික කටයුතු ඇමති හැටියට, මේ රටේ අගමැති හැටියට, ඒ විතරක් නෙවෙයි  කුරුණෑගලින් ඡන්දය ඉල්ලන අපේක්ෂකයෙක් හැටියට, මේ රටම බලාගෙන ඉන්නවා ඔබ ඔබතුමා ගන්න තීන්දුව මොකක්ද කියලා. 

අපි තමුන්නාන්සේලාට කියනවා අපි ජයග්‍රහණය කළාට පස්සෙ කරාට පස්සේ මේ රටේ ජාතික උරුමයන් ට ,අපේ කමට රටේ කමට සලකන හැටි අපි පෙන්නනවා. 

මිත්‍රවරුනි , මේ වෙනකොට මුළු රටේ මහත කඩාගෙන වැටිලා. රැකියා විරහිතභාවය උග්‍රවෙලා. ජීවත් වෙන්න බැරි තරමට උග්‍ර ආර්ථික ප්‍රශ්න මතුවෙලා. ව්‍යාපාරිකයන් බංකොලොත් වෙලා. ගොවිජනතාව කබලෙන් ලිපට වැටිලා . සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් බරපතල අගාධයකට වැටිලා. මේ කඩා වැටුණු ආර්ථිකය ගොඩනඟන්නට නම් ජනතාව අත මුදල් තිබෙන්න ඕන. විශේෂයෙන්ම එදිනෙදා වේල් තුන පිරිමහ ගන්නවත් බැරි අසරණ දුප්පත් ජනතාවට මුදල් අතට එන්න ඕන. ග්‍රාමීය නාගරික දුප්පත් ජනතාව ඉන්නවා. කුලී කම්කරුවන් හැටියට වැඩ කරන ජනතාව ඉන්නවා. එදිනෙදා වේල් තුන පිරිමහ ගන්න බැරි ජනතාව ඉන්නවා. ආර්ථිකය නැවත වරක් යථා තත්ත්වයට පත්වනතුරු සමගි ජන බලවේග ආණ්ඩුවෙන් ඒ සියලු පවුල් වලට අනිවාර්යෙන් රුපියල් 20,000 දීමනාවක් ලබා දෙනවා .

ඔබතුමන්ලා දන්නවා, මුළු ලෝකෙම තෙල් මිල පහළ බැහැලා. මුළු ලෝකෙම තෙල් මිල පහළ බහිද්දි අපේ රටේ ආණ්ඩුව තීන්දුවක් අරගෙන තිබෙනවා. මොකක්ද ඒ තීන්දුව. ඒ තීන්දුව තමයි මාස දොළහකට මොනම හේතුවකටවත් තෙල් මිල අඩු කරන්නේ නැහැ කියන තීන්දුව. කැබිනට් පත්‍රිකාවකින්ම ඒක සනාථ කරලා තියෙනවා. ඒ පත්‍රිකාව තුළ කියනවා, මොනතරම් තෙල් මිල පහළ වැටුණාක් මේ රටේ තෙල් මිල වෙනස් කරන්නේ නෑලු. අපි තමුන්නාසේලාට කියනවා අපි ජයග්‍රහණය කරලා පැය විසිහතරක් ඇතුළත තෙල් මිල අඩු කරනවා.

 අපට මතකයි,  පහුගිය  දවස් වල පොල්ගෙඩි අකුරෙන්  පත්තරවල හෙඩ්ලයින් ගැහුවා 4% සහන ණය ණය ජනතාවට ලබා දෙනවා කියලා. මුළු රටම හිතුවා ජනතාවට ඒ සහනය ලැබෙයි කියලා.අපි අහනවා  ඔය කියන සහනය ලැබුණු අය ඉන්නවද කියලා.ඒ වගේම මාර්තු,අප්‍රේල් විදුලි බිල කපනවා කීවා.අපි අහනවා එහෙම කපලද කියලා . මේ ආණ්ඩුව රටම ප්‍රෝඩාකාරී ලෙස රවට්ටලා ඉවරයි.අපි අන්න ඒ රැවටිල්ලට මේ මැතිවරණයේදී උත්තර දෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img