Sunday, November 15, 2026
HomeNEWSLatest Newsවගකීමක් භාරදිය හැකි ශක්තිමත් නායකයින් පාර්ලිමේන්තුවට එවන්න..........

වගකීමක් භාරදිය හැකි ශක්තිමත් නායකයින් පාර්ලිමේන්තුවට එවන්න……….

වගකීමක් භාරදිය හැකි ශක්තිමත් නායකයින් පාර්ලිමේන්තුවට එවන්න……….

වගකීමක් භාරදිය හැකි ශක්තිමත් නායකයින් මෙවර පාර්ලිමේන්තුවට තෝරා පත්කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

බියකින් තොරව වගකීමක් භාරදීමේ හැකියාව තිබෙන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර එවීම ජනතාවගේ වගකීමක් බවද අද (2020.07.26) පෙරවරුවේ නුවරඑළියේ රාගල ප්‍රදේශයේ පැවැති හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ඉකුත් යහපාලන ආණ්ඩුව සමයේ අඩපණ වූ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයමින් විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණsයka සඳහා රැකියා අවස්ථා බිහිකිරීම නුදුරේම පිහිටුවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ වගකීමක් ලෙස සලකන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. 

ඉකුත් රජය හම්බන්තොට වරාය ඇතුළු සම්පත් විකුණා දැමීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ වසර පහක කාලයකට පත්වන ආණ්ඩුවකට අනාගත පරම්පරා වෙනුවෙන් තිබෙන රටේ සම්පත් විකුණා දැමීමේ හැකියාවක් නැති බව බලයට පත්වන ඕනෑම ආණ්ඩුවක් සිහි තබා ගෙන කටයුතු කළ යුතු බවයි. 

නිසි ප්‍රතිපත්තියක් නැති පිරිස් බලයට පැමිණීමෙන් රටකට මෙවැනි හානි සිදුවීම වළක්වා ගැනීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී හැට නව ලක්ෂයක් ජනතාව එක්ව සම්මත කළ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළsවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය ලබා දෙන්නැයිද මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ. මෙම හමුවට එක්වීමට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  ශ්‍රී සාරිපුත්තාරාම රේවත පිරිවෙනට ගොස් එහි පරිවේනාධිපති පිටිගල වජිර හිමි බැහැදැක ආශීර්වාද ලබාගත් අතර, පසුව රාගල ශ්‍රි කදිරවේලායුදම් ස්වාමී දේවාලයට ගොස් ආශිර්වාද ලබාගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞඛ්‍ය හා අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කළේ මෙවර අයවැයෙන් -අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා මෙවර අයවැයෙන් ඉතිහාසයේ වැඩිම...

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img