Sunday, November 15, 2026
HomeNEWSLatest Newsගුණගරුක දරුවෙක් සමාජයට බිහි කිරීම සෑම දෙමාපියෙකුගේම වගකීමක්

ගුණගරුක දරුවෙක් සමාජයට බිහි කිරීම සෑම දෙමාපියෙකුගේම වගකීමක්

ගුණගරුක දරුවෙක් සමාජයට බිහි කිරීම සෑම දෙමාපියෙකුගේම වගකීමක්

ගුණගරුක දරුවෙක් සමාජයට බිහි කිරීම සෑම දෙමාපියෙකුගේම වගකීමක්

  • නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්

යහපත් ගුණගරුක දරුවෙක් සමාජයට බිහි කිරීම සෑම දෙමාපියෙකුගේම වගකීම බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

එසේ නොවුණහොත් සමාජය දෙමාපියන්ට දොස් පවරන බවද ආණ්ඩුකාරවරිය කීවාය. කුඩා කල සිටම දරුවන්ට නිවැරදි මාර්ගය කියා දිය යුතු බවත් එය ආරම්භ කරන්නේ දරුවන් කුස තුළ සිටියදීම බවත් ආණ්ඩුකාරවරිය කීවාය.

අග්බෝ සමාජ සේවා පදනම මගින් දසවෙනි වරට සංවිධානය කරන ලද ගැබිණි මව්වරුන් 500ක් ඇගයීමේ උත්සවයට එක්වෙමින් ආණ්ඩුකාරවරිය මේ බව කීවාය. කන්තලේ 85 අග්බෝපුර විහාරාධිපති පූජ්‍ය අග්බෝපුර විමලඥාන හිමියන්ගේ පැවිදි දිනය සිහිගැන්වීම සදහා පසුගිය 22 වනදා ත්‍රිකුණාමල සර්ධාපුර අලුත් මාර්ගයේදී මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

එහිදි ගැබිණි මව්වරුන් 500ක් සදහා උපකරණ කට්ටල බෙදාදීම, උදේ සහ දිවා ආහාරය ලබාදීම ඇතුළු තවත් සමාජ සත්කාර රාශියක් සංවිධානය කර තිබුණි. ඒ සදහා නැගෙනහිර පළාත් සභාව, ආණ්ඩුකාර ලේකම් කාර්යාලය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ සහයද ලැබී තිබුණි.

මේ අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් තුසිත වනිගසේකර, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, පළාත් ප්‍රධාන අමාත්‍යංශ ලේකම් යූ.එල්.ඒ.අසීස්, ත්‍රිකුණාමල නගරාධිපති එන්.රාජනායගම් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞඛ්‍ය හා අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කළේ මෙවර අයවැයෙන් -අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා මෙවර අයවැයෙන් ඉතිහාසයේ වැඩිම...

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img