Sunday, November 15, 2026
HomeNEWSLatest News‘ලෝකයේම ජනතාවට සහන දෙන කොට මේ ආණ්ඩුව ජීවිත එක්ක සෙල්ලම් කරනවා…’ සජිත්...

‘ලෝකයේම ජනතාවට සහන දෙන කොට මේ ආණ්ඩුව ජීවිත එක්ක සෙල්ලම් කරනවා…’ සජිත් කළුතර ජන හමුවේදී කියයි.

2020 ජූලි මස 30 වැනිදා
‘ලෝකයේම ජනතාවට සහන දෙන කොට මේ ආණ්ඩුව ජීවිත එක්ක සෙල්ලම් කරනවා…’ සජිත් කළුතර ජන හමුවේදී කියයි.
හිතවත් මිත්‍රවරුණි, අවබෝධ කරගන්න අද දුරකතනය වටා අති විශාල ජන රැල්ලක් රට පුරා නිර්මාණය වී තිබෙනවා. මෙය ඉදිරි දින කිහිපය තුළ රට දිනවන රැල්ල බවට පරිවර්තනය කරල එළැබෙන මැතිවරණයේ දී දුරකතනය සමග සමගි ජන බල වේගය සුවිශේෂී ජයග්‍රහණයක් බවට පත් කරවන බව ඔබ සැමට කියන්න කැමතියි. හිතාදර මිත්‍රරණි, මෙම ජයග්‍රහණයත් සමග අලුත් සංකල්පයක් බිහි වනවා. ඒ ග්‍රාම රාජ්‍ය – නගර රාජ්‍ය සංකල්පයයි. මේ සංකල්පය තුළින් මුළු රටේ ම දිනන හැම ගමක්ම උප ගමක්ම හැම නගරයක්ම උප නගරයක්ම සංවර්ධනයට ලක් කරනවා. මෙවර අප ලබන ජයග්‍රහණය තුළ කළුතර දිස්ත්‍රික්කයේ සැමට වැදගත් බලාපොරොත්තුවක් බලාපොරොත්තුවක් අප ලබා දෙනවා. ඒ තමයි කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිළධාරී වසම් 743 තුළ තිබෙන හැම ගමක්ම එැම කුඩා ගමක්ම හැම නගරයක්ම සමගි ජන බලවේගයේ ජයග්‍රහණයත් සමග ගම හදා නගර හදා රට හදන වැඩපිළිවෙළට යන බව මා ඔබ තමුන්නාන්සේලාට කියන්න කැමතියි.
හිතවත් මිත්‍රවරුණි, අද තමුන්නාන්සේලාට කිවිය යුතු ඛේදණීය පණිවිඩයකුත් තිබෙනවා. ඒ තමයි අපේ ප්‍රථිවාදීන් සකස් කරනවා අපේ පවතින රාජ්‍ය සේවයෙන් ලක්ෂ පහකට ආන්න ප්‍රමාණයක් ගෙදර යවන්න. ඉන්න රාජ්‍ය සේවකයින්ගෙන් ප්‍රමාණයෙන් පඩි කපන්න සූදානමක් තිබෙනවා. මිත්‍රවරුණි, මං අහන්න කැමතියි 69 ලක්ෂයක් මේ ආණ්ඩුවට වරම ලබා දුන්නේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදු කරන්නද? තමන්ගේ පඩි කපන්නද? ආපු හැටියේ කළේ කුමක්ද? විශ්‍රාමිකයින්ගේ සහන කැපුවා. රාජ්‍ය සේවකයින්ට ලබා දුන් පඩි වැඩි කිරීමේ විදිය කපා දැම්මා. මාණ්ඩලික සේවකයින්ට ලබා දුන් රුපියල් 15,000 කැපුවා. මේ වන විට මේ රජය වැඩිහිටියන්ගෙනුත් පඩි ගන්නවා. ඔවුන්ට ලබා දෙන විශේෂ පොළී අනුපාතය හරි භාගයක් අඩු කරල. අද ජනතාවට ජීවත් වෙන්න විදියක් නැහැ. කුසගින්නෙන් පෙළෙන ජනතාව මේ රටේ ඉන්නවා. රාජිත සේනාරත්න මැතිතුමා දන්නවා ඇති යුනිසෙෆ් ආයතනය සංගනනයක් කර ප්‍රථිපල එළි දක්වා තිබෙනවා. අපේ රටේ ජනගහනයෙන් සියයට තිහක් ආහාර පාන නොමැතිව බඩගින්නේ සිටිනවා’යි කියල ඒ වාර්තාව කියනවා. ව්‍යාපාර කඩා වැටිල. වෙළදාම අකර්ණම්‍ය වෙලා. මහජනතාව ළඟ මුදල් නැහැ. මීට විසදුම මොකක්ද? පොහොට්ටුව ඊට විසදුමක් ඉදිරිපත් කරන්නේත් නැහැ. නමුත් මිත්‍රවරුණි, සමගි ජන බලවේගයේ අපි සූදානම් ඊට විසදුම ඉදිරිපත් කරන්න.
විසදුම තමයි තමන්ලා දන්නවා අද ලෝකයේ බොර තෙල් මිළ පතුලටම වැටිලයි තියෙන්නේ. හොදටම අඩු වෙලා. නමුත් මේ ආණ්ඩුව තීන්දු කර තියෙනවා මාස දොළහකට තෙල් මිළ වෙනස් කරන්නේ නැහැ කියලා. කැබිනට් තීන්දුවක් ඒක. හිතාදර මිත්‍රවරුණි, අද සිට මුළු දිස්ත්‍රික්කයේ ම හැම ගමකටම ගිහින් තමුන්නාන්සේලා මහන්සි වෙලා සමගි ජන බලවේගය දිනවන්න. දුරකතනය දිනවන්න. මා ඔබ තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා සමගි ජන බලවේගය දිනලා ආණ්ඩුව පිහිටුවලා පළමු පැය විසිහතර තුළ රටේ තෙල් මිළ පහත දමනවා’යි කියලා. දැන් කිව්ව නේද මාර්තු අප්‍රේල් බිල කපනවා කියල පොහොට්ටුව කිව්ව නේද? විදුලි බිල දකිනකොටම හරිම සනීපයි. ලොකු රැවටීමක් කළා. රටේ ජාතික නාලිකාවකට ඇවිත් තමයි ඒ බොරුව කළේ. නමුත් මං කැමතියි ඔබ තමුන්නාන්සේලාට කියන්න අපි දුරකතනය මෙවර මැතිවරණය අනිවාර්යෙන්ම දිනනවා. සමගි ජන බලවේග ආණ්ඩුව පිහිටිුවනවා. මේ ආණ්ඩුව කපනව කියපු නමුත් නොකැපූ ඒ මාස දෙකේ බිල ගෙවූ විදුලි පාරිභෝගිකයින්ට ඒ ගෙවූ මුදල අපි නැවත ලබා දෙන්නට කටයුතු කරනවා’යි යන්න මා අද තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා.
මිත්‍රවරුණි, මේ රටේ ජන සමාජයේ දුප්පත් මිනිස්සු ඉන්නවා. අසරණ ජීවිතයක් ගත කරන ජනතාව බොහෝමයක් ඉන්නවා. රටේ ආර්ථිකය යථා තත්ත්යට පත් වන තුරු අපේ ආණ්ඩුව ඒ මිනිසාට මසකට රුපියල් 20,000 ක මුදලක් සහනයක් වශයෙන් ලබා දෙනවා කියල මා පොරොන්දු වෙනවා. නමුත් මේ යෝජනා දෙකටම අපේ පොහොට්ටවේ හාදයෝ විරුද්ධයි මිත්‍රවරුණි. කරන්න බැහැලු. රණසිංහ ප්‍රේමදාන මැතිතුමාත් ජනසවිය පටන් ගන්නකොට කිව්වෙ නමුත් එය ඉටු කළා. මා මෙහිදී ඔබට කියනවා ජන සමාජයේ අසරණම පවුල්වලට රුපියල් විසි දහසක මුදල මසකට ලබා දෙන්න පුළුවන්. ඒ පොරොන්දුව දෙන්නෙ වෙන කවුරුත් නෙමෙයි ප්‍රේමදාසගේ පුතයි කියන එක ඔබ සැමට මතක් කරන්න කැමතියි.
දැන් සමහරුන් හිතනවා මේ ඡන්දය දිනන්න ලබා දෙන පොරොන්දු කියලා. හිතවතුණි, මෙම යෝජනවාවලට බැරූරුම් අර්ථයක් තිබෙනවා. මේවා පසුපස ආර්ථික විද්‍යාත්මක පදනමක් තිබෙනවා. අද ලෝකයේ ම ආර්ථිකය කඩා වැටිලා තියෙන්නේ. ලෝකට අද ඒ වෙනුවෙන් මොකද කරන්නේ. කොරෝනාව නිසා විපතට පත් වීමෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඒ රටේ ජනතාවට ආර්ථිකය වෙනුවෙන් මුදල් ලබා දෙනවා. පුද්ගලයින්ගේ බැංකු ගිණිමට රජය විසින් මුදල් තැම්පත් කරනවා. මෙහෙ වගේ පොහොට්ටු වන්දනාවේ යන්න ඕනෙ නෑ. සොච්චම් පන්දහේ කෑලි හොයන්න. එංගලන්තය කුමක්ද කරන්නේ. පුද්ගලික ආයතනවල සේවය කරන සේවකයින්ට සියයට අසූවක් වැඩුප් ආණ්ඩුවෙන් ගෙවනවා. බදු ගෙවන ජනතාව වෙනුවෙන්. ඒ වගේම ඔවුන් පුද්ගලික ආයතනවල සේවකයින්ගෙන් සියයට සියයක් වැටුප් ගෙවනවා. මේ අතර ඉන්දියාවේ මොකද වෙන්නේ? අසරණ ජන කොට්ඨාශයට මහා දැවැන්ත මූල්‍ය ශක්තියක් ලබා දෙනවා. ඒ රටවල් එසේ කරන විට මූල්‍ය ශක්තියක් ලබා නොදෙන එකම රට ශ්‍රී ලංකාවයි. මෙයාලා හිතාගෙන ඉන්නවා රුපියල් පන්දහේ කෑලි දෙක දුන්නම ඔක්කොම හරි කියලා. මං ඔබ තමුන්නාන්සේලාට කියන්න කැමතියි අප සහන දෙන විට රටේ ජනතාව අතට සල්ලි එනවා. ඒ සල්ලි පාරිභෝජනයට, ආයෝජනයට සහ ඉතිරි කිරීම්වලට ලබා දුන්නම ඒ මුදල් හරහා මිනිසුන් අත සල්ලි ගැවසෙනවා. මෙන්න මිත්‍රවරුණි අපේ ආර්ථික සංකල්පය. නමුත් අපේ වැඩසටහන ඉදිරියේ අද රටේ ආණ්ඩුව නිරුත්තරව සිටිනවා. කට – උත්තර නැහැ. මේක වැඩ බැරි ආණ්ඩුවක්.
ජනාධිපතිවරණයේදී කිව්වා මේ රට දැන් පාලනය කරන්නේ වියතුන් කියලා. නමුත් නියතුන්ට අමතක වුනා කොරෝනාවෙන් එල්ල වුණු පීඩනයට විසදුම් දෙන්න වියතුන්ට අමතව වුණා. මතක තබා ගන්න මැතිවරණයෙන් 225 කණ්ඩායමේ අපි තමයි කොරෝනාවෙන් පසු ජනතාව මුහුණ දෙන ගැටළු ගැන කතා කරන්නේ. අපි විධිමත්ව කතා කළා. මුලින්ම අපි ආණ්ඩුවට කිව්වා කොරෝනා ලංකාවට එනවා, වහාම කටයුතු කරන්න අපි පූර්ණ සහයෝගය දෙන්නම් කියලයි. එවිට ආණ්ඩුව මොකක්ද කිව්වේ, චීනය තරහ කරගන්න බෑ කිව්වා. ඒ ගැන කතා කරන්න එපා’යි කිව්වා. පසුව අපි කිව්වා, හොද ප්‍රමිතියේ මුව ආවරණ ගබඩා කරල ප්‍රශ්නයක් ආවොත් ජනතාවට නොමිළේ බෙදා දෙන්න කියලා. මොකක්ද ප්‍රථිචාර? ඒවා අත්‍යාවශ්‍ය නැහැ කියල කිව්වා. ඔවුන්ට ගැතිකම් කරන වෛද්‍යවරුන් තිදෙනෙක් ඊට පසුදාම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කියනවා මුව ආවරණ වැඩක් නැහැ කියලා. අද මොකද කියන්නේ. මුව ආවරණය නැතිව ගෙදරින් එළියට බහින්න එපා කියනවා. මේ සත්‍ය එදා අපි පෙන්වා දුන්නා. මිත්‍රවරුණි, අප සතුව තිබනෙවා. දක්ෂ පරිණත හැකියාව තිබෙන රට ගැන කැක්කුම තියෙන කණ්ඩායමක්. එනිසා සමගි ජන බලවේගය තුළින් දුරතනය ආණ්ඩුවක් හදනවාමයි. දශක ගණනාවක් මුළුල්ලේ දේශපාලන පළිගැනීමට ලක් වුණු ජනාධිපතිවරණයෙන් පසුවත් පළිගැනීමට ලක්වුණු අයටත් අප බලයට පත්වීමේන් අනතුරුව විසදුම් ලබාදී කටයුතු කරන බව මෙහිදී කියන්න කැමතියි.
පසුගිය ආණ්ඩුවේ වැඩ ආරම්භ කළේ අන්තිම කාළේයි. අපි මුලින්ම වැඩ ආරම්භ කරන්නට අපේක්ෂා කරනවා. දෙන්න තිබෙන සහන අපි මුලින්ම දෙනවා. ජනතාව ශක්තිමත් කරනවා. ජනතාවට ජීවය ලබා දෙනවා. හිතවතුණි, මමත් පසුගිය රජයේ සංස්කෘතික ඇමති විදියට තීන්දුවක් අරගෙන ආගමික සිදුධස්ථානයන් කිසිවකු නොකළ සංවර්ධන කටයුතු සිදු කළා. පාස්කු පහරින් විනාශ වුණු දේවස්ථාන තුනම හමුදාවේ ශක්තිය තුළ අපි පිළිසකර කළා. ඒවා නව සංවර්ධන කටයුතු කළා. මැතිවරණය අස්සේ අපේ විරුද්ධවාදීන් පච වාර්තාවක් හදා තිබෙනවා. එහි කියනවා මුදල් අවභාවිත වෙලා තියෙනවාලු. අපි පන්සල් හැදුවා. ආගමික සිද්ධස්ථාන ඉදි කළා. දහම් පාසල් ඉදි කළා. ඒ ඉදි කිරීම් සියල්ල කළේ රජයේ ඉදි කිරීම් ආයතනවල රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව සමගයි. ඔක්කොම ආණ්ඩුවේ ආයතන සමගයි ඒ වැඩසටහන ඉදිරියට ගෙන ගියේ. දැන් කියනවා මුදල් අවභාවිත කළාලු. මිත්‍රවරුණි, මම අමාත්‍යාංශයෙන් තේ උගුරක්වත් බොන්නෙ නැතැ මනුස්සයෙක්. අපි බොහොම මහන්සි වෙලා කැප වෙලා තමයි අපේ සේවාවන් ඉටු කළේ. මම කියන්න කැමතියි ඔය වංචාකාරයින්ට මේ රටේ ජනතාව නිසි පිළිතුර මේ මහා මැතිවරණයේදී ලබා දෙනවා කියල මා මෙහිදී කියන්න කැමතියි. පන්සල් ඉදි කරල හිරේ යන්න මං බය නෑ මිත්‍රවරුණි.
සමගි ජන බලවේගයට ජයවේවා! දුරකතනයට ජය වේවා! කළුතර ජනතාවට බුලත්සිංහල ජනතාවට ජය වේවා! සමගි ජන බලාවේගයේ අපේක්ෂකයින් ජය වේවා!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img