පොහොට්ටුව සමග අත්වැල් බැඳගෙන රට සංවර්ධනය කිරීමට සූදානම් වෙන්නැයි සහෝදර එක්සත් ජාතික පාක්ෂිකයින් ගෙන් ඉල්ලා සිටිනවා…
හිමිකම් නොමැති ඉඩම් වලට හිමිකම් බලපත්‍ර ලබාදීමට කඩිනම් පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (2020.07.31) පස්වරුවේ රත්නපුර, ගොඩකවෙල, මාදම්පේ හන්දියෙa පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඉඩම් හිමිකම් බලපත්‍ර ලබා දීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.
මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහනේ ඉදිරිපත් කොට ඇති සැලසුම් වලට අනුව කඩිනමින් ක්‍රියාත්මක වන බව ද පසුගිය රජය සමයේ ක්‍රියාත්මක කළ නිවාස වැඩසටහන් මෙන් ජනතාව ණයකරුවන් නොකරන වැඩසටහනක් සැලසුම් කරීමට පියර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
දෙකට බෙදී වෙන්වී ගිය විරුද්ධ පක්ෂයකට ඡන්දය දීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බැවින්, සිරිකොත ඇල්ලීමට ඡන්දය දෙනවා වෙනුවට පොහොට්ටුව සමග අත්වැල් බැඳගෙන රට සංවර්ධනය කිරීමට සූදානම් වෙන්නැයි තමා සහෝදර එක්සත් ජාතික පාක්ෂිකයින් ගෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මින් පෙර අවස්ථාවලදී සිදු වූයේ ආණ්ඩු පක්ෂය දෙකට බෙදී තරඟ කිරීම වුවත් මෙවර මහා මැතිවරණයේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට විපක්ෂයක් දෙකට බෙදී තරඟ කරන අවස්ථාවක් උදා වී තිබේ.
එක්සත් ජාතික පක්ෂය වුවත් විවිධ අවස්ථාවල දී බෙදී වෙන් වී ගිය ද මෙවර එය නැවත එකතු කළ නොහැකි ආකාරයෙන් බෙදී වෙන්වී ඇත.
වන සතුන්ගෙන් වගාවට සිදුවන හානිය නිසා ගොවියා මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳවද පානීය ජල ගැටලුව සම්බන්ධයෙන් ද මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.






















