Sunday, November 15, 2026
HomeNEWSLatest Newsසියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු සභා ගර්භයේ රැදී සිටින කාලය පුරාම මුව ආවරණ...

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු සභා ගර්භයේ රැදී සිටින කාලය පුරාම මුව ආවරණ පැළද සිටීම අනිවාර්යයි වේ.

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු සභා
ගර්භයේ රැදී සිටින කාලය පුරාම මුව ආවරණ පැළද
සිටීම අනිවාර්යයි වේ.


එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සභා ගර්භයේ රැදී සිටින කිසිදු
අවස්ථාවක මුව ආවරණ ඉවත් කිරීම හෝ ලිහිල් කිරීම සිදු නොකළ
යුතු බවද මාර්ගෝපදේශවල සදහන් වේ.
මාර්ගෝපදේශයන්ට අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් 225 දෙනාටම
පාර්ලිමේන්තු රැස්වීමේදී සභා ගර්භයේ සෞඛ්‍ය ආරක්ෂිතව අසුන් ගත
හැකිවන නමුත් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු සභා
ගර්භයේ තමාට වෙන් කර තිබෙන ආසන වල පමණක් අසුන් ගැනීම
අනිවාර්‍ය වන අතර සභා ගර්භය තුළ රැදී සිටින සෑම අවස්ථාවකම
මීටරයක දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුය.
සභා ගර්භයේ රැදී සිටින සියලුම නිලධාරින් හා පාර්ලිමේන්තු කාර්ය
මණ්ඩල සාමාජිකයන් මෙන්ම ගැලරියන්හි සිටින සියලුම පාර්ශවයන් ද
මුව ආවරණ පැළද සිටිය යුතු බව මාර්ගෝපදේශවල සඳහන්ව ඇතැයි
පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
මහ ලේකම්වරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් සෞඛ්‍ය ආරක්ෂිත
මාර්ගෝපදේශ මාලාව පාර්ලිමේන්තුවේදී ඊයේ (31) බාර දීමෙන්
අනතුරුවය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් කාරක සභා රැස්වීම් වලදී ද මෙම
මාර්ගෝපදේශ අනුගමනය කිරීම අනිවාර්‍ය වේ.පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී
හැකි සෑම විටම මුව ආවරණ පැළද සිටීමේ අවශ්‍යතාවයද මෙහිදී
අවධාරණය කෙරිණි.
මෙයට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තමන්ගේ ජංගම දූරකථන
සහ පෑන් ඇතුළු පුද්ගලික උපකරණ හුවමාරු නොකළ යුතු අතර,වැළද
ගැනීම්,අතට අතදීම වැනි ආචාර කිරීමේ ක්‍රමයන්ගෙන්ගෙන් වැළකී සිටිය
යුතු බවද මාර්ගෝපදේශවල අන්තර්ගත බව මහලේකම්වරයා මෙහි දී
වැඩිදුරටත් පැවසීය.
මේ අවස්ථාව ඇමතු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය
අනිල් ජාසිංහ මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍ය
ආරක්ෂිතව ක්‍රියාත්මක කිරීම සදහා මෙම මාර්ගෝපදේශ
මහෝපකාරිවන බවයි.
පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසෙන සෑම ස්ථානයකම විෂබීජ නාශක
දියර තබා තිබිය යුතු අතර,මන්ත්‍රීවරයන් හා නිලධාරින් සභා ගර්භයට
පිවිසීමට පෙර ඒවායින් තම දෑත් පිරිසිදු කර ගත යුතුය. පාර්ලිමේන්තුව
නියෝජනය කරන මන්ත්‍රීවරයන් 225 දෙනාටම සභා ගර්භය තුළ
ආරක්ෂිතව අසුන් ගත හැකි බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහිදී පැවසීය.
පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා විසින් කරන ලද ඉල්ලීමකට අනුව
පාර්ලිමේන්තුව කොවිඩ් 19 අභියෝගයෙන් ආරක්ෂා කර ගැනීම සදහා
අවශ්‍ය මාර්ගෝපදේශ සැකසු බවත් , මෙය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්
සැකසූ තුන්වන මාර්ගෝපදේශ පද්ධතිය බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
පාර්ලිමේන්තු සභා ගර්භය, මන්ත්‍රී ආලින්දය, මහජන,මාධ්‍ය සහ විශේෂ
අමුත්තන්ගේ ගැලරි,මන්ත්‍රී භෝජනාගාර, පුස්තකාලය,
මුළුතැන්ගෙය,ිිිකාර්ය මණ්ඩල ආපනශාලා, විශේෂ අමුත්තන්ගේ
භෝජනාගාරය ඇතුළු පාර්ලිමේන්තු පරිශ්‍රයේ ස්ථාන ගණනාවක්
ආවරණය වන පරි දි මෙම මාර්ගෝපදේශ සකසා ඇති අතර ප්‍රවාහන
සේවා සහ කාර්‍යාල පිරිසිදු කිරීමේ කාර්‍ය මණ්ඩල සදහා ද මාර්ගෝපදේශ
නිකුත් කර තිබේ.
සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාව පාර්ලිමේන්තු මහ
ලේකම්වරයාට භාර දුන් අවස්ථාවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය
මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතා ඇතුළු
ජ්‍යේෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img