Sunday, November 15, 2026
HomeNEWSLatest Newsපසුගිය රජය සමයේ කඩා වැටුණු මැණික් ව්‍යාපාරය නැවත ජාත්‍යන්තර වශයෙන් ගොඩ නැගීමට...

පසුගිය රජය සමයේ කඩා වැටුණු මැණික් ව්‍යාපාරය නැවත ජාත්‍යන්තර වශයෙන් ගොඩ නැගීමට පියවර ගන්නවා..

පසුගිය රජය සමයේ කඩා වැටුණු මැණික් ව්‍යාපාරය නැවත ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගීමට පියවර ගන්නවා..

සුගිය රජය සමයේ කඩා වැටුණු මැණික් ව්‍යාපාරය නැවත ජාත්‍යන්තර වශයෙන්  ගොඩ නැගීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (2020.07.31) පස්වරුවේ බලංගොඩ ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය රජයේ සැලැස්මක් නොමැති වැඩපිළිවෙළ හේතුවෙන් මැණික් ව්‍යාපාරය ඇතුළු මෙරට සමස්ත ව්‍යාපාරය ක්ෂේත්‍රයම කඩා වැටීමකට ලක් වූ බවයි.

තම රජයක් පැවති සමයේ යුද්ධය පැවතිය දී වුව ද නාගරික සංවර්ධනය සහ ගම්මානවල සංවර්ධන කටයුතු ඉතා සාර්ථකව සිදු කිරීමට සමත් වූ නමුත් පසුගිය වසර පහ තුළ එය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ.

පසුගිය මාස කීහිපය තුළදී ද කොවිඩ් වසංගතය හේතුවෙන් සමස්ත ව්‍යාපාර ක්ෂේත්‍රයේ යම්කිසි කඩා වැටීමක් සිදුවූ බැවින්  එම ක්ෂේත්‍රයන් ගොඩගැනීම වෙනුවෙන් විශේෂිත ආර්ථික සැලසුම් රැසක් සැලසුම් කොට ඇතැයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී අනාවරණය කළේය. 

කොවිඩ් වසංගතය හේතුවෙන්  ගෝලීය ආර්ථිකය කඩා වැටීමත් සමඟ මෙරට ආර්ථිකය බරපතල ලෙස  බිඳ වැටීමකට ලක් වෙමින් පැවතිය ද කඩිනමින් වසංගතය මර්දනය කොට රටේ ජනතාවට අපහසුතාවයක් නොවන පරිදි ආර්ථිකය ගොඩ ගැනීමට රජය සැලසුම් දියත් කළ බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය. 

ඉදිරියේ දී පිහිටුවන පොදුජන පෙරමුණු රජයක් තුළින් පසුගිය රජය සමයේ නවතා දමා තිබූ මධ්‍යම අධිවේගී මාර්ගය මෙන්ම රත්නපුර අධිවේගී මාර්ගය ද කඩිනමින් අවසන් කොට ජනතා අයිතියට පත් කරන බවත් ඒ සඳහා දැනටමත් ශ්‍රී ලාංකීය ඉදිකිරීම් කරුවන්ට ව්‍යාපෘති  භාර දීමට සූදානම්කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img