රට රැකගෙන, රටේ සම්පත් රැකගෙන, රට ගොඩනැගීමට හැකි විශ්වාසනීය කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත්කර එවන්න..
ඉදිරියට යන ගමන බාධක කම්කටොලු හමුවේ වුවද නවත්වන්නේ නැහැ…
උගත් බුද්ධිමත් තරුණ පරපුරක් රටට අවශ්‍යයි. එම තරුණ පරපුර ගොඩනැගීමට කැපවෙනවා..
රට රැක ගෙන රටේ සම්පත් රැක ගෙන රට ගොඩනැගීමට හැකි විශ්වාසනීය කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත්කර එවීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලයි.
Bfha (2020.07.31) පස්වරුවේ තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට නම් එම ප්‍රතිපත්ති මාලාව විශ්වාස කරන විශ්වාසනීය පිරිසක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවයි.
ජනතාව අප කෙරෙහි වසර ගණනාවක සිට තැබූ විශ්වාසය රකිමින් රට ගොඩ නගමින් ඉදිරියට යන ගමන බාධක කම්කටොලු හමුවේ වුව ද නොනවත්වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
රටේ පවතින තත්වය හොඳින් අවබෝධ කරගෙන රටට ජාතියට යුතුකම් ඉටු කළ යුතු යුගය පැමිණ ඇත’
එදා වරාය, ගුවන් තොටුපළ, අධිවේගී මාර්ග වැනි සංවර්ධන ව්‍යාපෘතීන් රට වෙනුවෙන් දායාද කිරීමට හැකි වුව ද පසුගිය රජය එම සම්පත් විකුණා දැමීමට කටයුතු කිරීම ජාතික අපරාධයකි.
අනාගතයේ ඉපදෙන්න ඉන්නා වූ දරුවන්ට අයිති දේපල අවුරුදු පහකට බලයට පැමිණි පිරිසකට විකුණා දැමීමට කිසිදු අයිතියක් නොමැත.
යහපාලන රජය බලයට පත්වී පළමුවෙන්ම සිදු කරනු ලැබූයේ මත්තල ගුවන්තොටුපළ වී ගබඩාවක් බවට පත් කිරීමයි. ගුවන් තොටුපොළට ගුවන් යානා ගෙන්වා ගැනීම වෙනුවට මත්තල ගුවන් තොටුපළ වී ගබඩාවක් බවට පත්කිරීමෙන් බරපතල අපහාසයක් සිදු කිරීමට උත්සහ කළ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඒ හේතුවෙන්ම ගුවන්තොටුපොළේ ඇතැම් කොටස් විනාශයට ලක් වූ බවයි.
ගුවන්තොටුපළේ වී ගබඩා කිරීම තුළින් අපහාස කළේ තමන්ට නොවන බවත් එමඟින් සිදු වුයේ වූයේ රටට ජාතියට අපහාසයක් සිදු වීම බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. උගත් බුද්ධිමත් තරුණ පරපුරක් රටට අවශ්‍ය බැවින් එම තරුණ පරපුර ගොඩනැගීමට කැප වන බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.






















