Sunday, November 15, 2026
HomeNEWSLatest Newsහම්බන්තොට වරාය ආශ්‍රිතව මහා පරිමාණ කර්මාන්තපුරයක් බිහිකිරීම සඳහා ඉතා කඩිනමින් කටයුතු කරනවා….

හම්බන්තොට වරාය ආශ්‍රිතව මහා පරිමාණ කර්මාන්තපුරයක් බිහිකිරීම සඳහා ඉතා කඩිනමින් කටයුතු කරනවා….

හම්බන්තොට වරාය ආශ්‍රිතව මහා පරිමාණ කර්මාන්තපුරයක් බිහිකිරීම සඳහා ඉතා කඩිනමින් කටයුතු කරනවා….

කොළඹ වරාය නගරය කියන්නේ රටට විශාල රැකියා ප්‍රමාණයක් හිමිවිය යුතු ජාත්‍යන්තර ව්‍යාපෘතියක් …….

යහපාලන රජයේ අදූරදර්ශී වැඩපිළිවෙළ නිසා කොළඹ වරාය නගරයෙන් මෙරටට හිමි විය යුතුව තිබූ හෙක්ටයාර 65  කට අධික ඉඩම් ප්‍රමාණයක් අහිමි වුණා….

පසුගිය යහපාලන රජයේ අදූරදර්ශී වැඩපිළිවෙළ හේතුවෙන් කොළඹ වරාය නගරයෙන් මේ රටට හිමි විය යුතුව තිබූ හෙක්ටයාර 65 කට අධික ඉඩම් ප්‍රමාණයක් අහිමි වූ බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

අද (2020.08.01) පෙරවරුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරම හන්දියේ පැවති  හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය යහපාලන රජය රටේ වටිනාකම වැඩි කිරීම සඳහා සම්පත් බිහි කිරීමg නොහැකි වූ අසමත් රජයක් බවයි.

කොළඹ වරාය නගරය යනු මෙරටට විශාල රැකියා ප්‍රමාණයක් හිමිවිය යුතු ජාත්‍යන්තර ව්‍යාපෘතියක් වන නමුත් පසුගිය යහපාලන රජයේ අදුරදර්ශී වැඩපිළිවෙළ හේතුවෙන් එම රැකියා  අවස්ථා සහ රටට හිමිවිය යුතු තිබූ හෙක්ටයාර 65 කට අධික භූමි භාගයක් අහිමි වූ බව අග්‍රdමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

එම ගිවිසුම් නැවත සලකා බැලීම සඳහා ඉදිරියේ දී පිහිටුවන පොදුජන පෙරමුණු රජයකදී කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

හම්බන්තොට වරාය ඉදිකරනු ලැබූයේ ඒ ආශ්‍රිතව  මහා පරිමාණ කර්මාන්තශාලා පුරයක් ඉදි කිරීමේ අරමුණිනි. ඊට අමතරව දිවයින පුරා සියලු  දිස්ත්‍රික්ක වල කර්මාන්ත ශාලා ඇති කිරීමට හැකි වන පරිදි හම්බන්තොට වරාය කර්මාන්ත මූලික කර ගත් වරායක් බවට පත් කිරීමේ අපේක්ෂාවක් පැවතිණි. නමුත් පසුගිය යහපාලන රජය සමයේ එකදු කර්මාන්ත ශාලාවක් හෝ රටට ගෙන ඒමට ඔවුන් අසමත් වූ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ  ජනාධිපතිවරණය අවසන් වීමත් සමඟම ජනාධිපතිවරයාගේ කැපවීම මත මහා පරිමාණ ටයර් කර්මාන්ත ශාලාවක් සහ ඖෂධ කර්මාන්ත ශාලාවක්  හම්බන්තොට වරාය ආශ්‍රිතව ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img