ඉතිහාසයේ පළමු වතාවට සිරිකොතේ අයිතිය තීරණය කිරීම සඳහා එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඡන්දය පාවිච්චි කරන්න සිද්ධවෙලා……
ඉතිහාසයේ පළමු වතාවට සිරිකොතේ අයිතිය තීරණය කිරීම සඳහා එක්සත් ජාතික පාක්ෂිකයන්ට සිය ඡන්දය පාවිච්චි කිරීමට සිදු ව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (2020.08.01) පස්වරුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටිනමළුව ප්‍රදේශයේ පැවති හමුවක් අමතමිනි.
මහ මැතිවරණවලදී ජනතාව ඡන්දය භාවිතා කරන්නේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කළ හැකි, සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ හැකියාව ඇති ආණ්ඩුවක් පත්කර ගැනීමට බව මෙවර එක්සත් ජාතික පක්ෂයේ දෙපිලටම අමතක වී ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය .
මේ බව අවබෝධ කරගෙන එක්සත් ජාතික පක්ෂයේ දියුණුව ගැන හිතනවා වෙනුවට රටේ අභිවෘද්ධිය ගැන සිතා මෙවර මහ මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීම වගකීමක් යැයි ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.
ප්‍රේමදාස යුගයක් නැවත බිහි කිරීම සඳහා බලය දෙන්නැයි මේ දිනවල සමහර වේදිකා වලින් හඬ නැගෙන බව ද කී අග්‍රාමාත්‍යවරයා පරණ පේ%මදාස යුගයේ අත්දැකීම් ඇති වැඩිහිටියන් කිසි දිනෙක එවැනි යුගයක් ප්‍රාර්ථනා නොකරන බවද පෙන්වා දුන්නේ ය.
කිසිසේත් එවැනි යුගයක් වත්මන් තරුණ පරම්පරාවට උරුම කර නොදෙන බවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
එකල ප්‍රේමදාස යුගයේ තරුණයින්ට අත්විඳින්නට වූ අමිහිරි මතකයන් සම්බන්ධයෙන් woyia olajñka අග්‍රාමාත්‍යවරයා i`oyka lf<A එවැනි යුගයක් බිහි කරනවා වෙනුවට රැකීරක්ෂා බිහිවන සමෘද්ධිමත් සෞභාග්‍යමත් අනාගතයක් දැයට දායාද කිරීම සිය අරමුණ බවයි.
මෙම අවස්ථාවට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා තරඟ කරන අපේක්ෂක අපේක්ෂිකාවන් පිරිසක් ද සහභාගි වූහ.























me thamai ape anagatheeeeeeee