පිටස්තර පුද්ගලයින්ට රැඳවියන් බැලීමට අවස්ථාව දෙනවාද ? නැද්ද ? තීරණය හෙට
පිටස්තර පුද්ගලයින්ට රැඳවියන් බැලීම සඳහා යළි අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවදානය යොමුව තිබේ.
ඒ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා හෙට (10) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු කොවිඩ් නයින්ටීන් රෝගියෙකු ලෙස හඳුනාගැනීමත් සමග පිටස්තර පුද්ගලයින්ට රැඳවියන් බැලීම සඳහා අවස්ථාව ලබානොදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.
කෙසේවෙතත්, මේ වන විට රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා යළි අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් අවදානය යොමුව තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත අදාළ අවස්ථාව ලබාදීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරින් සහ බන්ධනාගාර නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.






















