Saturday, September 5, 2026
HomeNEWSLatest Newsඅරලගංවිල අනතුරකින් සිසුවෙක් මරුට - දහයකට තුවාල

අරලගංවිල අනතුරකින් සිසුවෙක් මරුට – දහයකට තුවාල

අරලගංවිල අනතුරකින් සිසුවෙක් මරුට – දහයකට තුවාල

අරලගංවිල බෝගස්හංදිය අසළ සිදුවූ රිය අනතුරකින් 16 හැවිරිදි සිසුවෙක් මියගොස් තවත් දස දෙනෙකු තුවාල ලබා තිබේ.

දෙහිඅත්තකණ්ඩිය දෙස සිට අරලගංවිල දෙසට ධාවනය වෙමින් තිබු කැබ් රථයක් උපකාරක පංතියකට සහභාගී වී පාගමනින් ගමන් කරමින් සිටි සිසුන් පිරිසක් යටකරගෙන යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් තුවාල ලැබු ළමුන් 11 දෙනෙකු පොළොන්නරුව සහ අරලගංවිල රෝහල්වලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් සිසුවෙක් මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ රත්මල්තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙකි.

කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අරලගංවිල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img