Sunday, September 6, 2026
HomeNEWSLatest Newsගාමිණී සෙනරත් අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට

ගාමිණී සෙනරත් අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට

ගාමිණී සෙනරත් අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට

අග්‍රාමාත්‍ය ලේකම් ලෙස නැවත වරක් ගාමිණී සෙනරත් මහතා පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ගාමිණී සේදර සෙනරත් මහතා මීට ප්‍රථම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් 2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කටයුතු කර ඇති අතර 2004 වර්ෂයේ දී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය දරන කාලය තුළ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් වශයෙන් ද කටයුතු කර ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ මූලික උපාධිය හදාරා ඇති ගාමිණී සේදර සෙනරත් මහතා 1984 වර්ෂයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය. 

ප්‍රථමයෙන් සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙකු වශයෙන්ද ඉන්පසු ආගමන විගමන පාලක, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් යන තනතුරු ද හොබවා ඇත. 

ඊට අමතරව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ, ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ සහ මහජන බැංකුව යන ආයතනවල සභාපති ධුර දරා ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳව පශ්චාත් උපාධිධරයෙකු වන ඒ මහතා විදේශ පාඨමාලා රැසක් ද හදාරා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලුම දෙනා එක් විය යුතුයි- එජාප නායක හිටපු ජනපති රනිල්

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම නිමිති කරගනිමින් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් වර්ෂ 1946 සැප්තැම්බර් 06 වැනිදා ඩී....

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාවට වැඩි අවධානයක්

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියට අත්සන් තැබූ රාජ්‍ය පාර්ශ්වයන්ගේ සමුළුව2026 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 4 දක්වාවියානාහි පැවැති එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාව...

2026 ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරඟයේදීත් රුමේෂ්ට රන් පදක්කම

බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවති 2026 ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරඟයේදී මීටර් 89.04 ක දුරක් විසි කරමින් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ පිරිමි හෙල්ල විසි...

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img