මාලදිවයිනේ රැඳී සිටි පිරිසක් දිවයිනට
මාලදිවයිනේ රැඳී සිටි ශ්රී ලාංකිකයින් 178 දෙනෙකු රැගත් ශ්රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.
ඔවුන් අද (10) දහවල් 12.30ට මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.
මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණි මෙම පිරිස පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කළ බව පැවසීය.






















