Sunday, November 15, 2026
HomeNEWSLatest Newsගැසට් කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීන්ගේ නම්

ගැසට් කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීන්ගේ නම්

ගැසට් කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීන්ගේ නම්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව එක් එක් පක්ෂවලින් නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගේ නම් ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඉලංගෙයි තමිල් අරසු කච්චි සහ අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය නියෝජනය  ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර මෙලෙස ගැසට් කර ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
1.මහාචාර්ය ජී. එල්. පීරිස්
2.නීතිඥ සාගර කාරියවසම්
3.අජිත් නිවාඩ් කබ්රාල්
4.ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි
5.ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ
6.විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක
7.ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර
8.මහාචාර්ය චරිත හේරත්
9.ගෙවිඳු කුමාරතුංග
10.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාම්මිල්
11.මහාචාර්ය තිස්ස විතාරණ
12.ඉංජිනේරු යදාමිණි ගුණවර්ධන
13.ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්
14.ව්‍යාපාරික ටිරාන් අලස්
15.විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල
16.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ
17.මොහොමඩ් ෆලීල් මර්ජාන්

මීට අමතරව, ඉලංගෙයි තමිල් අරසු කච්චි, තවරාජ කලෙයිඅරසන් සහ අහිල ඉලංගෙයි තමිල් අරසු කොංග්‍රසයෙන් සෙල්වරාසා ගජෙන්ද්‍රන් යන මහත්වරුන් පාර්ලිමේන්තු සභිකයින් ලෙස නම් කර ඇත.

කෙසේවෙතත් සමගි ජනබලවේගය, ජාතික ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජනබල පක්ෂයට අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර මෙතෙක් ගැසට් කර නොමැත.

සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07ක් හිමිව ඇති අතර අදාළ මන්ත්‍රී ධුර පත් කිරීම සම්බන්ධයෙන් ඊයේ (10) දිනයේත් සාකච්ඡා පැවතුණ අතර මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බව සඳහන් වේ.

ජාතික ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා ද මෙතෙක් නම් කිරීමක් සිදුකර නොමැති බව වාර්තා වේ.

කෙසේවෙතත් අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇති අතර එහෙත් එම පක්ෂයේ ලේකම් හිමියන් විසින් සිය නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

එම පත්කිරිම සිදුනොකරන ලෙස අපේ ජනබල පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දීම හේතුවෙන් එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ද ගැසට් කිරීම ප්‍රමාද කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img