Sunday, November 15, 2026
HomeNEWSLatest Newsමතුගම දී අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

මතුගම දී අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

මතුගම දී අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

කළුතර නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය විසින් අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මතුගම, යටදොලවත්ත සහ සෙන්-පීටර්ස්වත්ත ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී රිවෝල්වරයක් සහ පිස්තෝලයක් සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැක කෙරෙන “දොඩංගොඩ ලියනගේ ශාන් අරෝෂ් ජයසිංහ“ යන අයගේ සමීපතමයෙකු බව සඳහන් වේ.

එම සැකකරුට එරෙහිව, 2018 වර්ෂයේදී බදුරලිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීමේ චෝදනාවකට මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බව ද පොලීසිය සඳහන් කළේය.

මේ අතර පසුගිය දෙසතිය තුළ 1997 සහ 1917 යන විශේෂ දුරකථන අංක දෙකට පැමිණිලි 2000කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

එම දුරකථන අංක දෙක ඔස්සේ අපරාධ, මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් තොරතුරු පොලිස් විශේෂ ඒකකයට ලබාදීමට හැකිය.

ඔහු පෙන්වාදෙන්නේ එම පැමිණිලි සම්බන්ධයෙන් පොලීසිය මේ වන විටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම මූලික කරගනිමින් සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමක දී පුද්ගලයින් 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම ඊයේ (10) උදෑසන 10 සිට දහවල් 1 දක්වා කාලය තුළ කොළඹ උතුර කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානවල නිලධාරීන් 125 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් මෙම සෝදිසි මෙහෙයුම සිදුකර ඇති බව වාර්තා වේ.

එහිදී හෙරොයින් ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 35ක් සමග පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ගංජා ග්‍රෑම් 235යි මිලිග්‍රෑම් 50ක් සමග පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව එම මෙහෙයුමේ දී විවිධ වැරදි සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කර සිටි පුද්ගලයින් 61 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img