Monday, November 16, 2026
HomeNEWSLatest Newsපාස්කු විමර්ශන පොලිස් ඒකකයෙන් හිටපු අගමැති රනිල්ට දැනුම් දීමක්

පාස්කු විමර්ශන පොලිස් ඒකකයෙන් හිටපු අගමැති රනිල්ට දැනුම් දීමක්

පාස්කු විමර්ශන පොලිස් ඒකකයෙන් හිටපු අගමැති රනිල්ට දැනුම් දීමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සදහා එළඹෙන සතියේ ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනි සිටින ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට දැනුම් දී තිබේ.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එළඹෙන 21 වනදා ජනාධිපති කොමිසමේ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති අතර එදිනම විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාටද දැනුම් දී ඇති බව වාර්තා වේ.

එසේම හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට එළඹෙන 18 වනිදා විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරු පළමුවරට ලැබුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද (11) 8 වන දිනටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අතර නමුත් ඔහුගේ සාක්ෂි විමසීම මාධ්‍යයට විවෘත නොකෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුර පූජා භූමියේ සිදු වූ ගැටුම්කාරී තත්ත්වය ගැන මහා නායක හිමිවරුන්ගේ අවධානය කඩිනමින්ම යොමු විය යුතුයි- ෂිරාස් යුනුස්

අනුරාධපුර රුවන්වැලි මහා සෑ පූජාභූමියේ සිදුවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන්ගේ අවධානය කඩිනමින්ම යොමු විය යුතු බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ කලාප අධ්‍යාපන කාර්යාලත් සංවර්ධනය කරනවා= අග්‍රාමාත්‍යතුමිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ කලාප අධ්‍යාපන කාර්යාලත් සංවර්ධනය කරන්න කටයුතු කරනවා 2027 අයවැයෙන් වෙන් කළ මුදල් නිසිපරිදි භාවිත කරන එක රජය විසින් ඔබට ලබා දෙන...

සෞදියේ රියාද් අගනුවර, කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට සහ මූල්‍ය මධ්‍යස්ථානයකට මිසයිල ප්‍රහාර

සෞදියේ රියාද් අගනුවර, කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ මූල්‍ය මධ්‍යස්ථානයක් ඉලක්ක කර බැලැස්ටික් මිසයිල දෙකක් එල්ල කළ බව යේමනයේ හූති කැරලිකරුවන් ප්‍රකාශ කරයි.

ලොව පුරා සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් එකම වේදිකාවට ගෙන ඒමට දිලිත් ජයවීර GLEC අරඹයි

ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් එකම ඩිජිටල් වේදිකාවකට ගෙන එන Global Lankan Entrepreneur Club හෙවත් GLEC ඩිජිටල් වේදිකාව එළිදැක්වීම අද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img