Sunday, November 15, 2026
HomeNEWSLatest Newsමත්ද්‍රව්‍ය ආග්‍රහණය කළ හැකි ඉන්හේලර් උපකරණයක් පාසල් දරුවන් අතරට ?

මත්ද්‍රව්‍ය ආග්‍රහණය කළ හැකි ඉන්හේලර් උපකරණයක් පාසල් දරුවන් අතරට ?

මත්ද්‍රව්‍ය ආග්‍රහණය කළ හැකි ඉන්හේලර් උපකරණයක් පාසල් දරුවන් අතරට ?

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් කොළඹ, ප්‍රසිද්ධ පාසල් අවට මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා නව උපක්‍රම භාවිත කිරීමට පෙළඹී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

ඒ අනුව මත්ද්‍රව්‍ය ආග්‍රහණය කළ හැකි “ඉන්හේලර්” උපකරණ පාසල් දරුවන්ට අලෙවි කිරීමට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පෙළඹී ඇති බව ඒ මහතා පැවසීය.

අද (14) පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව අනාවරණය කළේය.

පාසල් දරුවන්ගේ දෙමාපියන් පිරිසක් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව විමර්ශන ආරම්භ කළ බවත් එහිදී මෙම ඉන්හේලර් උපකරණයක් රුපියල් 15,000ක පමණ මුදලකට අලෙවි කරන බව අනාවරණය වු බවත් ඒ මහතා පැවසීය.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් පාසල් දරුවන් භාවිත කරන උපකරණ පිළිබඳව දෙමාපියන් විශේෂ අවධානයකින් යුක්තව කටයුතු කළ යුතු බවත් ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img