විදෙස්ගතව පැමිණි පස්දෙනෙක්ට කොවිඩ්
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් පස්දෙනෙකු කොවිඩ්-19 රෝගීන් ලෙස හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 2900ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.
අද(17) දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 6 දෙනෙක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 2676ක් දක්වා ඉහළ ගියේය.
මේ වන විට ආසාදිතයින් 213 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.






















