Sunday, November 15, 2026
HomeNEWSLatest Newsදිවයිනේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට

දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට

දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට

ප්‍රදේශ රැසක විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

17 දහවල් දිවයින පුරා සිදුවූ විදුලිය බිඳ වැටීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට මුහුණදුන් අතර විදුලිබල මණ්ඩලය සඳහන් කළේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම බිඳවැටීම සිදු වූ බවය.

17 දහවල් 12.45 ට පමණ දිවයින පුරා විදුලිය බිඳවැටීමක් සිදුවුණි.

ඒ හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතු රැසක් අඩපණ වූ අතර කර්මාන්තශාලා සහ ව්‍යාපාරික ස්ථාන රැසකටත් බලපෑම් එල්ල වුණි.

විදුලිය බිඳවැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගවල සංඥා පුවරු පවා අක්‍රිය වී තිබූ අතර ඒ හේතුවෙන් ප්‍රධාන නගරාශ්‍රිත මාර්ගවල දැඩි වාහන තදබදයක්ද හටග ගෙන තිබුණි.

විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම විදුලිය බිඳවැටීම සිදුවූ බවය.

මේ අතර කෙරවලපිටිය බලාගාරයේ බලාගාර ඉංජිනේරු කිත්සිරි එගොඩවත්ත මහතා අද දෙරණට සඳහන් කළේ විදුලිය නිකුත් කෙරෙන කෙරවලපිටිය බලාගාරයෙහි කිසිදු දෝෂයක් හට ගෙන නොමැති බවය.

ගැටලුව පවතින්නේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ යැයි සැක කෙරෙන බව ඒ මහතා සඳහන් කළේය.

විදුලි බල සැපයුම ඇණහිටීම පැය 02ක කාලයක් තුළ යථා තත්ත්වයට පත්කළ හැකි වෙතැයි විදුලිබල අමාත්‍යංශය සඳහන් කළත්, අද සවස් වනතුරුම ප්‍රදේශ රැසක විදුලිය යථා තත්ත්වයට පත්කිරීමට හැකි වූයේ නැත.

මෙලෙස දිවයින පුරා විදුලිය බිඳවැටීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ජල සැපයුමටද බාධා එල්ල වුණි.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ විදුලි ජනන යන්ත්‍ර නොමැති ජල පොම්පාගාරවලින් ජලය සැපයීමේදී බාධා එල්ල වී ඇති බවය.

මේ සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් වුවද ඇතැම් ප්‍රදේශවලට සාමාන්‍ය පරිදි ජලය බෙදා හැරීමට කිසියම් කාලයක් ගත වනු ඇති බවය.

මෙම හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් පත්කිරීමට අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දුන් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා පැවසීය.

විදුලිය බිඳවැටීමත් සමග ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්ද දක්නට ලැබුණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img